iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Thursday, May 17, 2012

Apple SIRI ගැන දැනගමු...

Siri on iPhone 4S lets you use your voice to send messages, schedule meetings, place phone calls, and more. Ask Siri to do things just by talking the way you talk. Siri understands what you say, knows what you mean, and even talks back. Siri is so easy to use and does so much, you’ll keep finding more and more ways to use it.


හැමෝටම සුබ දවසක් පාර්ථනා කරනවා!ඔයාලා සමහර අය Apple Smart Phone වලට කැමති ඇතිනේ.ඉතින් මෙයාලගේ අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,ගොඩක් අය දන්නවා ඇති.මේ සිරි තමයි දැනට අපේ මේ ලෝකයේ ප්‍රසිද්ධම කෘත්‍රිම බුද්ධි වැඩසටහන. ඕක ගැන කියන්නයි යන්නේ.දැන් නැති අය බලන්නකෝ... 







සිරි මේ ලෝකයට පහල උනේ ඔක්තෝම්බර් 14 වෙනිදා එලියට ආපු iphone 4S එකත් එක්ක.ඇත්තටම සිරි ගැන කියද්දී මේක මුලින්ම නිර්මාණය වුනේ Siri International කියලා සමාගමක,කොට උ  ගිය මෙම සමාගම 2010 අප්‍රේල් 28 වෙනිදා ඩොලර් මිලියන 200 ක් ගෙවලා ඇපල් සමාගම මිලට ගත්තා.හැමදාම අලුත් දෙයක් හොයපු ස්ටීව් ජොබ්ස් ලෝකයේ හොඳම කෘත්‍රිම බුද්ධි වැඩසටහන ලෝකයට බාරදුන්නා.අපි ටිකක් මේක ගැන හොයලා බලමු... 






එය ඔබ කියන දේ හොඳින් තේරුම් ගන්නවා,ඇත්තටම අපි තවත් මනුස්සයෙකුට කතා කරන විදිහටම සිරි එක්ක කතා බහ කරන්න පුළුවන්.අපි මෙහෙම කිව්වොත් “Tell my wife I’m running late.” “Remind me to call the vet.” “Any good burger joints around here?” එතකොට සිරි  හොයනවා ඔයාට උවමනා කරන තොරතුරු,එකරලා ඔයාට හොඳ උත්තරයක් හොයලා දෙනවා.ඇත්තටම කිව්වොත් ඔයාලට හොඳ කතා බහක යෙදෙන්න පුළුවන් ඔයාගේ iphone එකත් එක්ක. 








 සිරි අදුරගන්නේ ඔබ කියන දේම පමණක්ම නෙමෙයි.එය ගොඩක් දක්ෂයි ඔය කියන දේ ගොඩක් හොඳට තේරුම් ගන්න.අපි හිතමු අපි අහනවා " මේ ලග පාත කඩයක් නැද්ද ප්ලේන්ටියක් බොන්න" සිරි ටිකක් හොයලා බලලා අපිට කියනවා " කඩ දෙක තුනක්ම තියනවා ඔයාගේ වටේ " කියලා.ඊටපස්සේ අපි අහමුකෝ " හොඳ තෝසේ පාරක් දාන්න තැනක් තියනවද? " කියලා.එතකොට සිරි ටිකක් හොයලා බලලා ලගම තියන හොඳම තෝසේ කඩේ හොයලා දෙනවා.ඇත්තටම මෙතන වෙන්නේ ඔයා අහන දේට හොඳම උත්තරේ හොයලා දෙන එක තමා. 






සිරි උදව් කරනවා එදිනදා ඔයා කරන වැඩ වලට,අපි හිතමු අපි කියනවා " අම්මට කියන්න මම එද්දී කාම ටික උයල තියන්න " කියලා.එතකොට සිරි අම්මට පණිවිඩයක් යවනවා කාම උයලා තියන්න කියලා.තව අපි කිව්වොත් " අද වහියිද? " කියලා.එතකොට සිරි ඒ වෙලාවේ තියන කාලගුණය ගැන ටිකක් හොයලා බලලා අපිට හොඳ උත්තරයක් දෙනවා.තව අපි හිතමු දතක් ගලවගන්න ඕනේ කියලා,අපි සිරිට කියනවා " මට අද හවස 4 ට විතර දත් දොස්තර ගාවට යන්න ඕනේ කියලා " එතකොට සිරි දත් දොස්තරට email එකක් හරි නැතිනම් වෙන ක්‍රමයකින් හරි ඔහුට එම පණිවිඩය යවනවා.තවත් අපි හිතමුකෝ ඔයා නෝනලා ඉන්න කොල්ලන්ට නෝනට රෑ 9 ට විතර good night කියලා massage එකක් යවන්න ඕනේ කියලා.අපි ඒ වෙලාවේ නිදිනම් අපිට පුළුවන් සිරිට කියලා තියන්න 9 ට massege එක යවන්න කියලා.දැන් ඉතින් ඔයාලට තේරෙනවනේ මේකෙන් කරන්න පුළුවන් දේ ගැන.වැඩ දහස්ගනනක් කරගන්න පුළුවන්..  


ඔයාලට වෙලාව වෙනස් කරගන්න, ඉන්න තැන හොයාගන්න, alarm එක සෙට් කරගන්න, මොකක් හරි තැනක් හොයාගන්න, meeting එකක් schedule කරගන්න, contact එකක් හොයාගන්න, email එකක් යවන්න, sms එකක් යවන්න,සහ සිරි ගැන සිරිගෙන්ම අහන්නත් ඔයාලට පුළුවන්.ඇත්තටම තවත් වැඩ ගොඩයි.මේ සිරි අපිට අලුත් අත්දැකීමක් වෙයි.  

No comments:

Post a Comment

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.