iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Tuesday, May 29, 2012

සුනාමි ගැන ඉගෙනගමු....

                                    පින්තූරය උපුටා ගත්තේ http://www.jdslanka.org අඩවියෙනි.

ආයුබෝවන්!
මට වගේම ඔබටත් මතක ඇති 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා අපේ රටට ආපු සුනාමිය.මේ සුනාමිය රටවල් 13 ක මිනිසුන් 2,45,000 කට ආසන්න ප්‍රමාණයක් බිලිගත්තා.අපේ යහළු යෙහෙලියන් වාගේම ගොඩක් දෙනා අපෙන් වෙන්වුණු දවසක්!මේ සුනාමි තත්වය කෙරෙහි බලපෑවේ බටහිර සුමාත්‍රා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇති වූ භුකම්පනයක්.එහි විශාලත්වය 9.2 ලෙස රිච්ටර් මාපකයේ (richter scale- භූමිකම්පා වල තිව්‍රතාව මනින මිම්ම) සඳහන් වුනා. මම අද ඔයාලට කියන්න ආවේ මේ සුනාමි තත්වය ඇති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.
මම පොඩ්ඩක් භෞතික විද්‍යාව පැත්තෙන් පොඩි විස්තරයක් දෙනවා.භෞතික විද්‍යාව දන්නේ නැති අය බයවෙන්න එපා අමාරු නෑ තේරුම ගන්න ගොඩක් ලේසියි.මම මේ දේවල් ඉගෙන ගත්තේ ආචාර්ය D.D.N.බාලෝ දයා ලියූ පොතකින් සහ මම හොයාගත්ත දේවලුත් සාරාංශ විදිහට හදාගෙන තමයි ලියලා තියෙන්නේ. තියෙන්නේ.අපි එහෙනම් දැනුම බෙදාගමු......

                               
                                               සුනාමි අනතුරු ඇගවීමේ සලකුණ

                                              
津波  /  TSUNAMI
tsu - වරාය / nami - තරංග
සුනාමි ගැන කියද්දී මුලින්ම මතකෙට එන රට තමයි ජපානය.සුනාමි කියන වචනයත් ජපන් වචනයක්නේ.මෙහි ඉතිහාසය ගැන කතා කරොත් 426 BC වලටත් කලින් ග්‍රීක ඉතිහාසඥයකු වූ Thucydidesගේ පොතක් වන History of the Peloponnesian War පොතෙහි සුනාමියක් ගැන සඳහන් වෙනවා.ඒ වගේම ඉතිහාසයේ සිදුවූ තවත් සුනාමි වියසනවල රූප සටහන් කිහිපයක් පහතින් දාන්නම්,
                                                 Lisbon earthquake and tsunami in 1755
                                                    උපුටා ගත්තේ http://en.wikipedia.org/wiki/File:1755_Lisbon_earthquake.jpg ලින්කුවෙන්


  The Russians of Pavel Lebedev-Lastochkin in Japan, with their ships tossed inland by a tsunami, meeting some Japanese in 1779
                        උපුටා ගත්තේ http://en.wikipedia.org/wiki/File:Russians_meeting_Japanese_in_Akkeshi_1779.jpg ලින්කුවෙන්


සුනාමි ඇතිවෙන ආකාර ගැන කිව්වොත්, මුහුද තුල ඇතිවන භූකම්පන මඟින් සුනාමියක් ඇති වෙන්න පුළුවන්, තව ගිනිකඳු පිපිරිම මගිනුත් ඇති වෙන්න පුළුවන්.


  • මුහුදු පතුල සමග ජල කඳ එසවීම.
  • සාගර තලය පහත යෑම.









    ඇත්තටම මෙම සුනාමි තත්වයක තියන භයානක කම වෙන්නේ මෙම ඇතිවන තරංග නොගැඹුරු වෙරළ කරා ලඟා වෙනකොට එහි විස්තාරය වැඩි වීමයි.තරංගයේ විස්තාරය කියලා කියන්නේ සමතුලිත අවස්ථාවේ සිට යම් අංශුවක උපරිම විස්ථාපනයටයි.තේරෙන්නේ නැති අයට පහල තියන රුපයෙන් පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේවි.




    මෙහි ක්‍රියාකාරිත්වය බලා ගැනීමට පහත ලින්ක් වලට යන්න.පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් වේවි




    අපි දැන් සුනාමි තරංග වල චලිතය ගැන කතා කරමු.සුනාමියක් ඇති වෙන්නේ මුහුදෙනේ,ඒ කියන්නේ ඉතින් ජලයෙනේ නේද.ඉතින් මේ තරංග වලටත් ප්‍රවේගයක් තියනවා.ඉතින් මේ ජලය මතුපිට ගමන් කරන තරංගයක ප්‍රවේගය දෙනු ලබන සමීකරණයක් තියනවා,
      
                                                             v = ( g x D )
                                           v = ප්‍රවේගය
                                           g = ගුරුත්වජ ත්වරණය ( 9.8ms-2  සම්මත අගයකි) 
                                    D = ගැඹුර
    උදාහරණයක්‌ විදිහට D වල මද්‍යන අගය( ගැඹුර ) 5000m ලෙස ගත්තොත් ප්‍රවේගය ( v ) 221 ms-1 )  වේ.මේ සමීකරණය භාවිතා කරලා ඔයාලට පහසුවෙන් ජලය මතුපිට ගමන් කරන තරංගයක වේගය ලබාගන්න පුළුවන්.

    නොගැඹුරු මුහුද වෙත සුනාමි රළ ලගාවිමේදී  සිදුවෙන ක්‍රියාවලිය ගැන කිව්වොත්, ඇත්තටම මේ ජල තරංගයක ශක්ති ඝනත්වය රඳා පවතින්නේ අපි කලින් කියූ විස්තාරය (H) මතයි.එය විස්තාරයේ වර්ගයට සමානුපාතික වෙනවා.මෙය සමිකරණයකින් දැක්වුවොත්,


                                                                             E = kH2 
                                       E - ශක්ති ඝනත්වය (jm-2)
                                                        k - නියතයක්
                                                   ශක්ති ස්‍රාවය දෙනු ϕ ලබන්නේ 
                                                        ϕ = E x v [Wm-1] 
                                                        v = තරංගයේ ප්‍රවේගය

    එනම් ශක්ති සංස්ථිතිය අනුව ප්‍රවේගය (v) අඩුවන විට ස්‍රාවය (ϕ) නියත කිරීම සඳහා E වැඩිවිය යුතුයි.ඒ කියන්නේ විස්තාරය (H) වැඩිවිය යුතුයි.නොතේරෙන අය සමීකරණ දෙක දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලන් හිටියොත් මම කියපු එක වටහා ගන්න පුළුවන් වේවි.ඇත්තටම මම කලින් කියපු නොගැඹුරු මුහුද වෙත සුනාමි රළ ලගාවිමේදී  සිදුවෙන ක්‍රියාවලිය සිදුවෙන්නේ මෙහෙමයි.
    ගැඹුරු මුහුදේදී 1m පමණ විස්තාරයක් සහිත සුනාමි රළට වෙරළ ආසන්නයේදී 15m පමණ උසක්‌ තිබෙන්නට පුළුවන්.



    සරලව කතාකරොත් තරංගයේ චාලක ශක්තිය (  චලිතය හේතු කොට ගෙන සතු කර ගන්නා ශක්තිය ) ක්‍රමයෙන් විභව ශක්තිය බවට පත් වේ.මේ විභව ශක්තිය ද ජල කඳට දරාගැනීමට හැකි සීමාව ඉක්මවූ විට ආකූල ස්වභාවයෙන් යුත් බිඳුම් රළ ( Breaking Waves ) ඇති වේ. 
                               උපුටා ගත්තේ - Shutterstock  knowledge.allianz.com අඩවියෙනි.

    2004 සුනාමි තත්වයේදී එය ලංකාවේ එය ලංකාවේ බටහිර වෙරළට පවා බලපෑවා.එයට හේතුව උනේ විවර්තන මුලධර්මයයි.එනම් සුනාමි තරංගයක තරංග ආයාමය 450km (තරංග ආයාමය කියන්නේ යම් අංශුවක සිට ඊට සමාන චලිත අවස්ථාවක පවතින ආසන්නම අංශුවට ඇති දුරයි) පමණ විය හැක.මෙය ලංකාවේ දිග සමග සංසන්දනාත්මක වන බැවින් විවර්තන ස්වභාවය ඇති විය.තවද නොගැඹුරු වෙරළට ලඟාවීමේ දී වේගය අඩුවන නිසා වර්තන ක්‍රියාවලියද බැහැර කළ නොහැකියි. 



    දැන් අපි සුනාමි තරංගයේ තරංග ආයාමය දන්නා නිසා එහි ආවර්ත කාලය [T] ( එක් කම්පනයක්/ දෝලනයක් /භ්‍රමණයක්/ සරල අනුවර්තී චලිතයක් / ආවර්තයක් සඳහා ගත වන කාලය) ගණනය කරමු.

    • v =  221 ms-1       
    • λ = 450km
                           T = λ / V = 450 * 1000/ 221= 2036.19 s 


    • එනම් පැය බාගයක් පමණ (0.5 h)
    එනම් සුනාමි තත්වය පැය බාගයක් පමණ පැවතිය හැකි බව පැහැදිලි වේ.


    එමෙන්ම මුලින්ම වෙරළ වෙත තරංගයේ ශීර්ෂය නොව නිම්නය පැමිණියේ නම් පැය පැය භාගයක කාලයක් මුහුද බැස යාමක් දක්නට ලැබිය හැක.(අපේ කට්ටිය ඉඩම් මායිම් ලකුණු කරන්න ගියේ මේ වෙලාවේ තමයි) එනම් වෙරළේ ඇති ජල ස්කන්ධය ශීර්ෂය වෙත ඇදී ගොස් ඇත.එනම් භයානක තත්වයක පුර්ව දැනුම් දීමක් වන මෙම අවස්ථාවේ දී මුහුද වෙත ගමන් කිරීමෙන් සමහර මිනිසුන්ට ජිවිතයෙන් වන්දි ගෙවන්න වුනු බව මමත් ඔබත් හොඳට දන්නවා.

    ඒත් විශාල සුනාමි තත්වයක් ඇති විය හැක්කේ ග්‍රාහකයක් මුහුදට වැටීම වැනි තත්වයක් නිසාය.නමුත් මෙවෙනි තත්ත්ව ඉතාමත් දුර්ලබයි.

    සුනාමි සාමාන්‍ය ජල තරංග වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා බලමු.

    ජලාශයක හෝ මුහුදේ හෝ සාමාන්‍ය ජල තරංග ඇතිවෙන්නේ සුළඟ නිසයි.ඒවායේ ආවර්ත කාලය සාමාන්‍යයෙන් තත්පර 10ක් පමණ වේ.තරංග ආයාමය 150m පමණ වේ.නමුත් සුනාමි වල ආවර්ත කාලය පැයක් පමණ විය හැකියි.ඒ වගේම තරංග ආයාමය 100 - 500km පමණ විය හැකියි.

    සාමාන්‍ය ජල තරංගවල විස්තාරය මීටර් කිහිපයක් වුවත් සුනාමි තරංගයක විස්තාරය මීටර් භාගයක පමණ කුඩා උසක්‌ විය හැක.එමනිසා ගැඹුරු මුහුදේ ඇති බෝට්ටු, නැව් යටින් ඒවාට නොදැනී ගමන් කළ හැක.( ඔයාලට මතක ඇති සුනාමි ආවට පස්සේ ආපු ධිවරයින් කිව්වා ඔවුන්ට මුහුදේ වෙනසක් දැනුනේ නෑ කියලා.ඊට හේතුව තමා මම කලින් සඳහන් කරේ).නමුත් මුහුදු වෙරළ ආසන්න වන විට විස්තාරය 10 - 15m පමණ විය හැකියි.එමනිසා ඒවාට වරාය තරංග ( habour - wave ) යන නම යොදලා තියනවා.

    එමෙන්ම ගැඹුරු මුහුදේ සුනාමි වේගය ( v = √( 2gD අනුව ) පැයට කිලෝමීටර 700ක පමණ විශාල අගයක් තිබිය හැකියි.මෙය සාමාන්‍ය ජෙට් ගුවන් යානයකටත් වඩා වැඩියි.

    අපි දැන් බලමු සුනාමි විශාල දුරක් ගමන් කරන්නේ කොහොමද කියලා.

    තරංගයක ශක්ති හානිය එහි තරංග ආයාමයට ප්‍රතිලෝමව සමානුපාතික වේ.සුනාමි ජල තරංග ආයාමය ඉතා විශාල නිසා (100km) එය ගමන් කිරීමේදී ශක්ති හානිය ඉතා අඩු වේ.එමනිසා දිගු දුරක් ගමන් කලත් ශක්තිය සැලකිය යුතු ලෙස හානි නොවේ.ඒ කියන්නේ ගොඩක් දුර ගමන් කරන්න පුළුවන් කියලා.


    තවත් ලිපියකින් නැවත හමුවෙමු.එහෙනම් හැමෝටම ජයශ්‍රී.
      



                                         
      
                     

    No comments:

    Post a Comment

    ▐ Followers

    Creative Commons License

    Subscribe Share This Google +1 This Tweet This


    Simple template. Powered by Blogger.