iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Thursday, August 9, 2012

පරිගණකයට batteryයක් අවශ්‍ය ඇයි?


ආයුබෝවන්! මොකටද අපේ පරිගණක වල battery එකක් තියෙන්නේ? ඔන්න ඕක තමයි අද අපේ මාතෘකාව.ඉතින් මේ මාතෘකාව යටතේ ඔයාලටත් සංවාදයේ යෙදෙන්න පුළුවන්.( comments මගින් ).හොඳයි එහෙනම්, 

හැමෝම දන්නවා අපේ පරිගණකයේ Motherboard එකේ තියනවා පොඩි රව්ම් බැටරියක්.දැකලා නැත්තන් ගලවලා බලන්න ඔය උඩ තියන පින්තුරේ පේන බැටරිය වගේ එකක් තමයි ඔයාලගේ පරිගණක වලත් තියෙන්නේ.ඉතින් ඔය බැටරිය ගලවන්න, මාරුකරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ.පරිගණකයේ විතරක් නෙමෙයි ඔය විදිහට බැටරියක් තියෙන්නේ, ඒ කිව්වේ digital camera වල camcorders වලත් මේවා තියෙනවා.ඇත්තටම වෙලාව හරියට තියාගන්න අවශ්‍යය හැම ගැජට් එකකම බැටරියක් තියනවා කිව්වොත් හරි.දැන් කට්ටියට එන්න හදන්නේ මොකාටද කියලා තේරෙන්න ඇතිනේ.


ඔයාලගේ පරිගණකයේ තියන බැටරියෙන් RTC ( Real Time Clock ) chip එකක් වැඩකරනවා.RTC chip එකට බලය දෙනවා කියලා කිව්වොත් හරි.ඉතින් ඕක පරිගණකයට power එක තිබ්බත් නැතත් වැඩකරනවා.සරලවම කිව්වොත් ඔයා පරිගණකය ක්‍රියාත්මක නොකර නිකන් තියෙන වෙලාවටත් RTC එක වැඩ කරනවා.අපේ මේ බැටරියෙන් තමයි මේ clock එකට power දෙන්නේ.මේ බැටරියක් අවුරුදු ගානක් භාවිතා කරන්න පුළුවන්.දැන් නම් තත්වය වෙනස් වෙලා තියෙන්නේ.මොකද මාස 5ක් 6ක් යද්දී සවුත්තු වෙනවා කියලයි ගොඩක් අය කියන්නේ.ඒකට ඉතින් එක එක හේතු තියනවා.

ඉතින් සමහර පරිගණක මේ බැටරිය සවුත්තු උනාම (බැටරි බැස්සම) boot නොවෙන්න පුළුවන්.ඒකට හේතුව හොයලා බලමු.අපේ RAM එකෙන් 64 bytes ප්‍රමාණයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් කලින් කතාකරපු RTC chip එකේ අන්තර්ගතයි.මේ මුළු ප්‍රමාණයෙන් 10 bytes පමණ clock එක සඳහා  ඇරගෙන  අනිත් ටික වෙන වෙන දේවල් සඳහා භාවිත වෙනවා.BIOS එකේ information, store වෙනවා මේ CMOS RAM area එකේ.උදාහරණ ලෙස ගත්තොත් hard disk drives ගණන, hard disk drive types වගේ ඒවා... ඉතින් මේ CMOS RAM එකට power නැති උනාම වෙන්නේ අපේ පරිගණකය දන්නේ නෑ කිසිම hard disk configuration ගැන අපේ මැෂින් එකේ තියෙන, එතකොට තමයි ඔය boot නොවීම සිද්දවෙන්නේ.ඒ කිව්වේ පරිගණකය on වෙන්නේ නැත්තේ.

අලුත් පරිගණක  වලනම් මෙහෙම ප්‍රශ්නයක් එන්නේ නෑ.මොකද දැන් එන ඒවා අර CMOS RAM එක උඩ depend වෙන්නේ නැති නිසා.එයාලා ඔය settings එහෙම store කරන්නේ non-volatile RAM එකේ මේකට power තිබ්බත් නැතත් අව්ලක් නෑ.මොකද මේකට power අවශ්‍යය වෙන්නේ නෑ.ඉතින් මේ පරිගණකවල බැටරිය dead උනාම clock එක fail වුනත් පරිගණකය boot වෙනවා අර non-volatile RAM area එකෙන් information ලබාගෙන.ඒක නිසා බැටරිය නැතත් අව්ලක් නෑ.වෙලාව වරදින එක තමයි වෙන්නේ.   

එහෙනම් අදට පාඩම ඉවරයි.අලුත් දෙයකින් නැවත හමුවෙමු!    

No comments:

Post a Comment

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.