iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න
Showing posts with label Technology. Show all posts
Showing posts with label Technology. Show all posts

Sunday, April 28, 2013

අකුණු ගැසීම (විද්‍යාත්මක පැත්ත )

ආයුබෝවන්!
වලාකුලක ඇති ආරෝපණ ක්ෂණික විසර්ජනය වීමක් අකුණක් සේ හදුන්වනවා..මෙහිදී ක්ෂණිකව අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා අධික තාපයක් සහ ශබ්දයක් ඇතිවේ.ලොකු එලියකුයි,සද්දෙකුයි එනවා අහලා ඇතිනේ.අකුණු ඇතිවෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා,

  • එකම වලාකුලක ඇති විජාතීය (එකිනෙකාට වෙනස්) ආරෝපණ අතර ක්ෂණික විදුයුත් විසර්ජනයක්
  • එක් වලාකුලක ඇති විද්‍යුත් ධන අරෝපනයත් වෙනත් වලාකුලක ඇති විද්‍යුත් සෘණ අරෝපනයත් අතර විද්‍යුත් විසර්ජනයක්
  • වලාකුලක් සහ පෘතුවිය අතර සිදුවන ක්ෂණික විද්‍යුත් විසර්ජනයක්

Thursday, October 18, 2012

[යාන්ත්‍රික | විද්‍යුත් යාන්ත්‍රික] තැටිගතකිරීම 1 කොටස



      ආයුබෝවන්! තැටිගතකිරීම කියන මාතෘකාව තමයි මම අද තෝරාගත්තේ.මේක හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ශ්‍රව්‍ය,විදෘශ්‍ය හෝ විද්‍යුත් සංඥා ගබඩා කරගන්න ආකාර කිහිපයක් තියනවා, 

  1.  පටිගත කිරීම
  2.  තැටිගත කිරීම
  3.  මතක පරිපථ (electronic memory) භාවිතය
අපේ අද මාතෘකාවට අනුව මේ තැටිගතකිරීමත් කොටස් පහකට වෙන් වෙනවා.

  • යාන්ත්‍රික          (Mechanical)
  • විද්‍යුත් යාන්ත්‍රික  (Electro-Mechanical)
  • ප්‍රකාශ             (Optical)
  • චුම්භක            (Magnetic)
  • චුම්භක-ප්‍රකාශ    (Magneto-Optical)   

Monday, September 17, 2012

ADSL තාක්ෂනය (1 කොටස)



              ආයුබෝවන් යාලුවනේ.අද කාලේ අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.ඉස්සරම කාලේ අපි dialup සම්බන්දතා භාවිත කරා අන්තර්ජාලයේ සැරිසරන්න.ඒ තාක්ෂනය වෙනුවට අද අලුත් තාක්ෂනයන් භාවිත කරලා අපි අන්තර්ජාලයට යනවා.ඉතින් මේ ADSL කියන්නෙත් අන්තර්ජාලයට ප්‍රවේශය ලබාගන්න  පුළුවන් තාක්ෂණයකට.ADSL එහෙමත් නැතිනම් Asymmetric Digital Subscriber Line යනුවෙන් හදුන්වන්නේ අපේ මේ දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයකට.අහ්හ් කියන්න අමතක උනා දුරකථන කියලා මම කිව්වේ ඇත්තටම ස්ථාපිත දුරකථන වලට.ඉතින් ඒ කාලේ අපි භාවිත කරපු dialup සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගයට වඩා ADSL සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගය ගොඩක් වැඩියි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අපිට අන්තර්ජාලය භාවිතා කරන අතරතුරම අපිට දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට පුළුවන්.ඉතින් අපිට ADSL සම්බන්දතාවයක් ගත්තොත් මුළු දවසම උනත් අන්තර්ජාලයේ ඉන්නට පුළුවන්.මම දන්න ගොඩක් අයනම් දවසම අන්තර්ජාලයේ තමයි.හොඳයි මේ සම්බන්දව තවත් දේවල් කතාකරමු....

Friday, August 31, 2012

aspect ratio කියන්නේ මොකක්ද?

 ආයුබෝවන්! මොකද්ද මේ aspect ratio කියන්නේ.ගොඩක් දෙනා දන්නවා ඇති,නොදන්නවත් ඇති,නොදන්නා අයටයි ඔන්න ලියන්නේ.aspect ratio කියන වචනෙට සිංහලෙන් කියන්නේ දෘෂ්‍යානුපාතය කියලා.අපි ස්වභාවිකව මොකක්හරි දර්ශණයක් දැකීමේදී එම දර්ශණය අපි ඉදිරියේ ඇති එක්තරා රාමුවකට 

Thursday, August 30, 2012

Sonic Boom ( ස්වනික ගිගිරුම )


ආයුබෝවන්! රූපය දැක්කම හිතාගන්න පුළුවන්නේ කියන්න යන දේ ගැන.එහෙනම් පටන්ගමු.ඔයාලා දන්නවනේ දැන් තියන ගුවන්යානා වලට ශබ්දය ඉක්මවා යන වේගයක් තියනවා.ඉතින් ඔහොම ශබ්දයේ වේගය ඉක්මවන ගුවන්යානා, එහෙමත් නැතිනම් සුපර් සොනික් ගුවන්යානා ශබ්දයේ වේගය ඉකමවා පියාසර කරනකොට නිකුත් වන විශේෂිත ශබ්දය ස්වනික ගිගුරුමක්‌ කියලා අපි කියනවා.මෙය පීඩන තරංගයක් එසේත් නැතිනම් shock wave එකක් නිසා තමයි ඇති වෙන්නේ.මේක ඇත්තටම පිපිරුමකට සමාන වෙනවා,තව ඔය අකුණු ගහනකොටත් මෙවැනි තත්වයක් ස්වභාවිකව ඇති වෙනවා.

Thursday, August 9, 2012

පරිගණකයට batteryයක් අවශ්‍ය ඇයි?


ආයුබෝවන්! මොකටද අපේ පරිගණක වල battery එකක් තියෙන්නේ? ඔන්න ඕක තමයි අද අපේ මාතෘකාව.ඉතින් මේ මාතෘකාව යටතේ ඔයාලටත් සංවාදයේ යෙදෙන්න පුළුවන්.( comments මගින් ).හොඳයි එහෙනම්, 

හැමෝම දන්නවා අපේ පරිගණකයේ Motherboard එකේ තියනවා පොඩි රව්ම් බැටරියක්.දැකලා නැත්තන් ගලවලා බලන්න ඔය උඩ තියන පින්තුරේ පේන බැටරිය වගේ එකක් තමයි ඔයාලගේ පරිගණක වලත් තියෙන්නේ.ඉතින් ඔය බැටරිය ගලවන්න, මාරුකරන්න පුළුවන් විදිහට තමයි තියෙන්නේ.පරිගණකයේ විතරක් නෙමෙයි ඔය විදිහට බැටරියක් තියෙන්නේ, ඒ කිව්වේ digital camera වල camcorders වලත් මේවා තියෙනවා.ඇත්තටම වෙලාව හරියට තියාගන්න අවශ්‍යය හැම ගැජට් එකකම බැටරියක් තියනවා කිව්වොත් හරි.දැන් කට්ටියට එන්න හදන්නේ මොකාටද කියලා තේරෙන්න ඇතිනේ.

Tuesday, July 10, 2012

ඔබ යවන email පණිවුඩය ලබන්නාට ලැබෙන්නේ කෙසේද?



අපි දැනගත යුතුයි කියලා හිතුන දෙයක් ගෙනාවේ.අපි e mail යැව්වට එම පණිවිඩය ලබන කෙනාට ලැබෙන්නේ කොහොමද කියලා ඔයාලා දන්නවද? ඒක ගැන ඉගෙන ගන්න google සමාගම විසින් ලස්සන වැඩක් කරලා තියනවා.මමනම් බැලුවා, එහෙනම් ඔයාලත් බලන්න....


                                             The Story of Send   

Monday, July 9, 2012

Evolution of the web


ආයුබෝවන්! ඔයාලා භාවතා කරන අන්තර්ජාලය සහ අන්තර්ජාලය සැරිසැරීමට යොදාගන්නා web browser වවල අතීතයේ සිට අද දක්කා සිදු වූ දියුණුව එසේත් නැත්නම් ප්‍රධාන සංදිස්ථාන ගැන හොද දැනුමක් ලබාගැනීමට පොතක් කියවනවා වගේ දිගට කියවන්නේ නැතුව ලස්සනට බලන්න පුළුවන් හසුරුවන්න පුළුවන් presentation වගේ එකක් මට හම්බුනා.මම හිතනවා ඔයාලත් මේක බැලුවනම් හොඳයි කියලා.යටින් තියන ලින්ක් එකට ගිහින් බලන්න...

Saturday, June 9, 2012

Top-rated reviews of the week...2 ( Cnet ඇසුරෙනි )


ආයුබෝවන්! මුලින්ම කියන්න ඕනේ මේ ලිපියේ ඇති සියලුම  පින්තූර ( පළමුවන රූපය හැර ) cnet වෙබ් අඩවියෙන් උපුටා ගත් රූප වේ.එහෙනම් මේ සතියේ ජනප්‍රියම Tech Reviews තමයි මේ.එකින් එක බලන්නකෝ.පසුගිය සතියේ Tech Reviews බැලුවේ නැති අය ඒකත් බලන්න

Saturday, June 2, 2012

Top-rated reviews of the week...1 ( Cnet ඇසුරෙනි )


අද කාලේ ඉතින් දවසින් දවස තාක්ෂණික දේවල් අලුතෙන් එනවනේ..ඉතින් මම හිතුවා සතියේ ජනප්‍රියම reviews ගැන පොඩි ලිපි මාලාවක් ලියන්න.මම මේ දේවල් හොයාගන්නේ cnet අඩවියෙන්.හැඳින්වීමක්  ලියන්නේ නෑ review එක සම්බන්දව.මම හැම එකකම යටින් දෙන්නම් ඒක  විස්තර තියන ලින්කුවක්.එහෙනම් අපි වැඩේ පටන්ගමු....

Friday, June 1, 2012

Windows 8 සියල්ල සරළව – කොටස 2


හොදයි හැමෝටම ආයුබෝවන්. අපි අද කතාකරමු Windows 8 වෙත මාරු වීමේ වැදගත්කම, වාසි සහ මාරුවීමට අවශ්‍යය දෘඩාංග අවශ්‍යතා කෙසේද කියා,
පළමු කොටසින් අපි windows හි ඉතිහාසය සහ Windows 8 ගැන කෙටි හැඳින්වීමක් කළා. එය නොකියූ අය මෙතනින්  ගොස් කියවන්න.

Tuesday, May 29, 2012

සුනාමි ගැන ඉගෙනගමු....

                                    පින්තූරය උපුටා ගත්තේ http://www.jdslanka.org අඩවියෙනි.

ආයුබෝවන්!
මට වගේම ඔබටත් මතක ඇති 2004 වසරේ දෙසැම්බර් 26 වෙනිදා අපේ රටට ආපු සුනාමිය.මේ සුනාමිය රටවල් 13 ක මිනිසුන් 2,45,000 කට ආසන්න ප්‍රමාණයක් බිලිගත්තා.අපේ යහළු යෙහෙලියන් වාගේම ගොඩක් දෙනා අපෙන් වෙන්වුණු දවසක්!මේ සුනාමි තත්වය කෙරෙහි බලපෑවේ බටහිර සුමාත්‍රා ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ ඇති වූ භුකම්පනයක්.එහි විශාලත්වය 9.2 ලෙස රිච්ටර් මාපකයේ (richter scale- භූමිකම්පා වල තිව්‍රතාව මනින මිම්ම) සඳහන් වුනා. මම අද ඔයාලට කියන්න ආවේ මේ සුනාමි තත්වය ඇති වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න.

Windows 8 සියල්ල සරලව - 1




හැමදේම අලුත් වෙන මේ ලෝකේ Microsoft ආයතනයත් සිය නවතම සංස්කරණය වන Windows 8 ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කරගෙන යනවා කියා අපට ආරංචි වෙනවා. බොහෝ අය මෙය Windows 7 සංස්කරණයට සමාන එකක් කියා සිතන්නට ඇති, නමුත් මෙහි Developer සහ Consumer සංස්කරණ අත්හදා බලපු අයටනම් මෙහි වෙනස්කම් තේරෙන්නට ඇති. ඒ කොහොම නමුත් Windows 8 සතු සියලුම ගුණාංග පිලිබදව අපි සරළව දැනගනිමු. මෙහි නිර්මාණකරුවන් නම් කියන්නේ Windows 8 පිලිබදව කිසිම අත්දැකීමක් නැතිව, කිසිම උද්යෝගයක් නැතුව Windows 8 වෙත පැමිණෙන අයෙක් වේනම් ඔහු තිගැස්සිම නොඅනුමානයි කියාය. ඉතින් එයට හේතු අපි දැන් සාකච්චා කරමු.

Sunday, May 27, 2012

Ubuntu 11.10 Oneiric Ocelot ගැන දන්න සිංහලෙන්


මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්නා Ubuntu ලාවේ අලුත්ම Ubuntu 11.10 Oneiric Ocelotගැන.ඔන්න තියනවා බලන්නකෝ...
අලුත්ම Ubuntu සංස්කරණය Ubuntu 11.10 ඔක්තෝම්බර් මාසයේ 13 වෙනිදා නිකුත් කරා.

Thursday, May 17, 2012

iPad 3 ගැන ඔක්කොම දේවල්...


    ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා.මමත් එකක් ගන්න ආසයි.ඒත් පින නෑ.සල්ලි තියන යාලුවෝ මේක අරන් පාවිච්චි කරන්න.ගොඩක් හොඳ බාන්ඩයක්.පොතක් කියවන්න, පියානෝ ගහන්න, සින්දුවක් අහන්න, game එකක් ගහන්න, නෙට් යන්න කියාපු බාන්ඩේ.ඇත්තටම මේ අලුත් iPad එකේ Display , Camera, Wireless connection ගත්තම සුපිරිම මට්ටමේ තියනවා.අපි මේ third-generation එකේ iPad එක ගැන ටිකක් හොයලා බලමු.ඒ කිව්වේ මේකේ features, accessories , education සම්බන්දව.එහෙනම් පටන්ගමු.

Apple SIRI ගැන දැනගමු...

Siri on iPhone 4S lets you use your voice to send messages, schedule meetings, place phone calls, and more. Ask Siri to do things just by talking the way you talk. Siri understands what you say, knows what you mean, and even talks back. Siri is so easy to use and does so much, you’ll keep finding more and more ways to use it.


හැමෝටම සුබ දවසක් පාර්ථනා කරනවා!ඔයාලා සමහර අය Apple Smart Phone වලට කැමති ඇතිනේ.ඉතින් මෙයාලගේ අලුත් application එකක් ආවා සිරි ( SIRI ) කියලා,ගොඩක් අය දන්නවා ඇති.මේ සිරි තමයි දැනට අපේ මේ ලෝකයේ ප්‍රසිද්ධම කෘත්‍රිම බුද්ධි වැඩසටහන. ඕක ගැන කියන්නයි යන්නේ.දැන් නැති අය බලන්නකෝ... 

පරිගණක භාෂාවල පරිණාමය Evolution Of Computer Language



ආයුබෝවන්! 
මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු.
    
     අපි හිතමු පරිගණකයක් මගින් ගැටලුවක් විසඳ ගන්න යනවා කියලා, එහෙනම් පරිගණකය මඟින් එම ගැටලුව විසඳීමේ දී ගැටලුව විසඳිය යුතු අකාරය පරිගණකයට තේරුම් ගන්න පුළුවන් භාෂාවකින්, විධාන (command) ගොඩක එකතුවක් විදිහට පරිගණකගත කරන්න ඕනේ.මේ විදිහට අපේ පරිගණකයට සෘජුවම තේරුම් ගන්න පුළුවන් භාෂා, යන්ත්‍ර භාෂා කියලා හඳුන්වනවා.ඉංගිරිසියෙන් කියන්නේ Machine Languages කියලා.සාමාන්‍යයෙන් මේ Machine Languages වල අඩංගු විධාන සහ එම විධාන වල ස්වරුපය පරිගණකයේ Processor( සකසනය ) වර්ගය මත රඳා පවතිනවා.ඒ කිව්වේ විවිධ වර්ගවල Processor වලට තේරුම් ගන්න පුළුවන් භාෂා වල ස්වරූපය එකිනෙකට වෙනස් වෙනවා.

පරිගණකයේ අතීත කතාව ගැන කිව්වොත්..1 කොටස ???


හැමෝටම ආයුබෝවන්! අද අපි කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.ගොඩක් දෙන අද වනවිට පරිගණක බාවිතා කරාට පරිගණකයේ ඉතිහාසය ගැන දන්නේ ටිකදෙනයි.එහෙනම් මම වැඩේ පටන්ගන්නවා මුල ඉදල අගටම කියවල බලන්නකෝ....

ඔයාලා දන්නවනේ ලෝකේ දියුනවට මේ පරිගණකය ගොඩක් ඉවහල් උනා කියලා.දැන්නම් Tablet පරිගනකත් වැහි වහලනේ..පරිගණකයක් නැති එකෙක් හොයාගන්න පුදුම ගේමක් දෙන්න ඕනේ.කාගේහරි ගෙදරකටම ගියාම පරිගණකයක් තිබ්බේ නැත්තන් අනිවා එක්කෝ කැඩිලා හදන්න යවලා තමයි,ඉතින් අපි අපේ මුත්තලාගේ කාලේ කොහෙද Tablet PC, ඒ කාලේ ඔව්වා තිබ්බේ නෑ.ඇත්තටම කිව්වොත් මේ පරිගණකය නිර්මාණය වුනේ ගණිතමය කටයුතු  පහසු කරගැනීමට.ඕකට ඉතින් අපේ මුත්තාගේ මුත්තා බාවිතා කරේ Abacus කියලා බාන්ඩයක්.:p කොමි ඇති වැඩේට බහිමු...

▐ Followers

Creative Commons License

▐ Watch list

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.