iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Monday, September 17, 2012

ADSL තාක්ෂනය (1 කොටස)



              ආයුබෝවන් යාලුවනේ.අද කාලේ අන්තර්ජාලය භාවිතා නොකරන කෙනෙක් නැති තරම්.ඉස්සරම කාලේ අපි dialup සම්බන්දතා භාවිත කරා අන්තර්ජාලයේ සැරිසරන්න.ඒ තාක්ෂනය වෙනුවට අද අලුත් තාක්ෂනයන් භාවිත කරලා අපි අන්තර්ජාලයට යනවා.ඉතින් මේ ADSL කියන්නෙත් අන්තර්ජාලයට ප්‍රවේශය ලබාගන්න  පුළුවන් තාක්ෂණයකට.ADSL එහෙමත් නැතිනම් Asymmetric Digital Subscriber Line යනුවෙන් හදුන්වන්නේ අපේ මේ දුරකථන මාර්ග ඔස්සේ දත්ත සන්නිවේදනය කරන තාක්ෂණයකට.අහ්හ් කියන්න අමතක උනා දුරකථන කියලා මම කිව්වේ ඇත්තටම ස්ථාපිත දුරකථන වලට.ඉතින් ඒ කාලේ අපි භාවිත කරපු dialup සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගයට වඩා ADSL සම්බන්දතාවයෙන් අපිට ලැබෙන දත්ත සන්නිවේදන වේගය ගොඩක් වැඩියි. මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ අපිට අන්තර්ජාලය භාවිතා කරන අතරතුරම අපිට දුරකථන ඇමතුමක් හෝ ලබාගැනීමට පුළුවන්.ඉතින් අපිට ADSL සම්බන්දතාවයක් ගත්තොත් මුළු දවසම උනත් අන්තර්ජාලයේ ඉන්නට පුළුවන්.මම දන්න ගොඩක් අයනම් දවසම අන්තර්ජාලයේ තමයි.හොඳයි මේ සම්බන්දව තවත් දේවල් කතාකරමු....



        ADSL කියන්නේ ඇත්තටම  asynchronous system එකකටඇත්තටම ඒ නිසා තමයි ගොඩක් ADSL lines වල upload speed එකට වඩා download speed එක වැඩි වෙන්නේ. මේ සම්බන්දව ඉගෙන ගද්දි අපිට සංඛ්‍යාත පරාසයන් ගැන කතාකරන්නම වෙනවා.(යම් අංශුවක තත්පරයකදී සිදුවන දෝලන ගණන සංඛ්‍යාතය ලෙස හදුන්වනවා.මෙහි ඒකකය වනුයේ Hz වේ) අපි හිතමු අපි ගන්නවා සාමාන්‍ය දුරකථන ඇමතුමක් අපේ යාලුවෙකුට,ගත්තා වගේම කතා කරනවා, එතකොට අපේ කටහඬ සහිත සංඥා සන්නිවේදනය කරන්නේ 0-3400Hz සංඛ්‍යාත පරාසය තුලයි.රැහැන් සහිත ස්ථාපිත දුකථන ජාල නිර්මාණය කරලා තියෙන්නේ  0-4000Hz සංඛ්‍යාත පරාසයේ සංඥා ප්‍රවාහනය කල හැකිවන ලෙසයි.මෙම සංඛ්‍යාත පරාසයට ඉහලින් ඇති ඇමතුමක සංඥා සන්නිවේදනයට භාවිතා නොකරන  සංඛ්‍යාත පරාසය ADSL තාක්ෂනයේදී දත්ත සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නවා.


     ADSL කියන්නේ ඇත්තටම distance-sensitive technology එකක්.මම කලින් කිව්වා වගේ ADSL තාක්ෂනය සඳහා යොදාගන්නේ දුරකථන රැහැන් ඒ කියන්නේ copper telephone lines.ඉතින් දත්ත සන්නිවේදන වේගය කෙරෙහි කෙලින්ම බලපානවා අපේ මේ රැහැන් වල තත්වය.වැඩි විෂ්කම්බයක් තියන රැහැන් වලට වැඩි වේගවලින් වැඩි දුරකට දත්ත සන්නිවේදනය කරන්න පුළුවන්.ඇත්තටම දත්ත සන්නිවේදන වේගය අඩාල වෙන්නේ මේ හොඳට සවි නොවූ බාල තත්වයේ joints, මලකඩ සහ ඔක්සිජන් බැඳුනු joints සහ පැරණි joints(සන්ධි) සහ රැහැන් නිසයි.ඔයාලට සාමාන්‍යයෙන් 6km [18,000 feet (5,460 meters)] දුරකට දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක ඉදලා දුරකථන මාර්ග ඔස්සේ ADSL ලබාගන්න පුළුවන්.දුර වැඩිවෙනකොට දත්ත සම්බන්දතවයේ වේගය ටිකක් අඩුවෙන ගතියක් තියනවා.


අපි බලමු ADSL සේවාව ලබාගැනීම සඳහා තිබිය යුතු අවශ්‍යයතා මොනවද කියලා...

  •  ස්ථාපිත රැහැන්(Land Line) දුරකථන සම්බන්ධතාවයක්
  • සම්බන්ධවී ඇති දුරකථන හුවමාරු මධ්‍යස්ථානට ADSL සේවා ලබා දිය හැකිද යන්න
  • ADSL Modem එකක්

  • දුරකථන හුවමාරු මධ්‍යස්ථානයේ සිට සේවාව ලබාගන්නා ස්ථානයට ඇති දුර 6km වඩා අඩුවීම.මිට වඩා වැඩි දුරක් ඇත්නම් line test එකක් කිරීමෙන් ADSL ගැනීමට හැකිද නොහැකිද කියලා දැනගන්න පුළුවන්.


මේ ඔක්කොම හරියට තියනවනම් සල්ලි දීලා ADSL සේවාව ලබාගන්න තමයි තියෙන්නේ.ඉතින් අපි ADSL සේවා ලබාගන්න ගියාම එක එක පැකේජ තියනවා.යමක් ගන්න කලින් සැලකිලිමත් වෙන්න ඕනෙනේ.ඉතින් ඒ නිසා ඒ ගැනත් දැනගෙන ඉන්න එක හොඳයි.ඇත්තටම මේ එක එක පැකේජ එකකට එකක් වෙනස් වන්නේ උඩු හා යටි සබඳතා වේග සහ බාගත කළ හැකි දත්ත ප්‍රමාණය(uplink,downlink & Total Monthly Usage මතයි.අපි එහෙනම් බලමු පැකේජ වර්ග ගැන...

  • යම් වේගයක් සහ මාසෙකට සිමා රහිත දත්ත පරිමාවක් (අපි ඔය unlimited පැකේජ කියන්නේ මේවට.ඉස්සරනම් මේ පැකේජ තිබ්බා දැන් නම් නෑ)
  • යම් දත්ත සන්නිවේදන වේගයක් සහ මාසෙට යම් සීමිත දත්ත පරිමාවක්, මෙම සීමිත දත්ත පරිමාව ඉක්මවා ගියොත් දත්ත සන්නිවේදන වේගය මාසය ඉවරවෙනකල් අඩු වේගයකට සිමා කරනවා(මට දැන් වෙලා තියෙන්නෙත් මේකම තමයි)
  • යම් දත්ත සන්නිවේදන වේගයක් සහ මාසෙට යම් සීමිත දත්ත පරිමාවක්,  මෙම සීමිත දත්ත පරිමාව ඉක්මවා ගියොත් බාගත කරන නව දත්ත සඳහා මුදල් ගෙවීමක් කිරීමට සිදුවීම

අපි දැන් බලමු මම කලින් කියපු උඩු හා යටි(uplink සහ downlink) සබඳතා කියන වචන දෙකේ තේරුම ගැන...

                    සරලවම ගත්තොත්, uplink එහෙමත් නැතිනම් උඩු සබඳතාවය කියන්නේ පරිගණකයේ සිට අන්තර්ජාලය වෙත සිදුවෙන දත්ත සන්නිවේදනයටයි.downlink එසේත් නැතිනම් යටි සබඳතාව කියලා කියන්නේ අන්තර්ජාලයේ සිට පරිගණකය වෙත සිදුවෙන දත්ත සන්නිවේදනයටයි.

         මම කලින් කිව්වා වගේම ADSL තාක්ෂණයේදී යටි සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගය උඩු සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගයට වඩා ගොඩක් වැඩියි.ඒ වගේම දුරකථන මධ්‍යස්ථානයේ සිට උඩු හා යටි සබඳතා සඳහා තරංග පරාස දෙකක් ADSL මගින් භාවිතා කරනවා.අපි හිතමු අපි මොකක් හෝ වෙබ් පිටුවකට යන්න ඕනේ කියලා.එතකොට වෙන්නේ වෙබ් පිටුවක් අන්තර්ජාලයෙන් ඉල්ලීමට උවමනා දත්ත පැකට් (data packets) කිහිපයක් යැවීම සිදුවෙනවා.ඇත්තටම මේක උඩු සබඳතාවය සඳහා නිදසුනක්.හොඳයි දැන් අපි ඉල්ලපු වෙබ් පිටුවල ඇති දත්ත යටි සබඳතාවය තුලින් අපේ පරිගණකයට ලැබෙනවා, ඇත්තටම කිව්වොත් විශාල දත්ත ප්‍රමාණයක්.ඒ නිසා අපිට යටි සබඳතාවයේ දත්ත සන්නිවේදන වේගය වැඩිවෙන තරමට හොඳයි.


      ADSL වලදී uplink සහ downlink සබඳතා සඳහා 64/256kbps සිට 1/8Mbps දත්ත ප්‍රවාහන වේග පවතිනවා.අපි මේ data throughput ගැනත් ටිකක් කතා කරමු.අපි දන්නවා ADSL සම්බන්ධතාවයේ දත්ත 
දත්ත සන්නිවේදන වේගයත් දත්ත සධික ප්‍රමාණයත් අතර වෙනසක් පවතිනවා.ඇයි ඒ? ඇත්තටම මේ ADSL සම්බන්ධතාවයක දත්ත සන්නිවේදන වේගය කියන්නේ අපේ පරිගණකය සහ දුරකථන හුවමාරු මධ්‍යස්ථානය අතර සම්බන්ධතාවයේ  දත්ත සන්නිවේදන වේගයටයි.අපි අන්තර්ජාලයේ රවුම් ගහනකොට data download කරනකොට කලින් වේගයට වඩා අඩු දත්ත සධික ප්‍රමාණයක් තමයි ලැබෙන්නේ.ඇයි එහෙම වෙන්නේ කියලා බැලුවොත්, ජාත්‍යන්තර අන්තර්ජාල සම්බන්දතාවයේ හා සම්බන්ධ වී තියෙන සර්වරයේ අන්තර්ජාල සම්බන්ධතාවයේ සන්නිවේදන වේගය හා congestion, සහ සර්වරයට සම්බන්ධ වෙලා තියෙන පරිගණක ප්‍රමාණය මේකට හේතු විදිහට අපිට ගන්න පුළුවන්.
   
                                ADSL standards:
                                             
                                 
ADSL Modem සහ Splitter/Filter සහ ADSL තාක්ෂණය වැඩි දියුණු වෙලා අපිට ලැබෙන නව සේවාවන් ගැන දැන් බලමු...
-----------------------------------------------------------------------------------------------------------------------------------
ADSL Modem/Router 


-----------------------------------------------------------------------------------------------------------------------------------
ADSL Modem Router.( NetGear DG632 ADSL Modem Router )
මෙම ADSL Modem router එකෙහි ඇතුල් පැත්ත පහත රුපයේ පරිදි වේ.



              හොඳයි අපි දැන් මොඩෙම් ගැන පොඩ්ඩක් කතා කරමු.සාමාන්‍ය dailup modem වලට වඩා ADSL Modem මිලෙන් වැඩියි.ඒ වගේම ADSL මොඩම් වර්ග කිහිපයක්ම තියෙනවා.ADSL Modem Router එකක් පරිගණකයට සම්බන්ධ කෙරෙන්නේ Ethernet cable (RJ45) එකක් මගින්ය.ADSL USB මොඩමයක් පරිගණකයට සම්බන්ධ කරන්නේ USB මගිනි.සමහර ADSL මොඩම්වල Ethernet සහ USB සම්බන්ධතා දෙකටම පහසුකම් තියෙනවා.තවත් සමහරක් Router වල WiFi පහසුකම්ද තියෙනවා,එමගින් ADSL සම්බන්දතාවය යොදාගෙන අපිට WiFi ලබාදීමට පුළුවන් එමගින් අපිට ADSL මොඩමය හා WiFi මගින් පරිගණක වැඩි ගණනකට රැහැන් රහිතව සම්බන්ධ වෙන්න පුළුවන් වෙනවා.ADSL සම්බන්ධතාවයකට එකවර පරිගණක එකකට වඩා වැඩිගණනක් සම්බන්ධ කරන්න ඕන උනොත් රවුටර් පහසුකම් සහිත ADSL මොඩමයක් හෝ වෙනමම රවුටරයක් භාවිත කරන්න පුළුවන්.මේ වගේ රවුටර් වල සාමාන්‍යයෙන් Ethernet port 4ක් විතර එනවා( Lan1 Lan2 Lan3 Lan4 කියලා රවුටරය ඉදිරියේ led තියෙන්නේ ඒ port වලට තමයි).ADSL සම්බන්ධතාවය ලබාගන්න අපිට ADSL modem එක configure කරගන්න වෙනවා.ADSL සේවාව සපයන ආයතනය ( slt වගේ) මගින් ලබාදෙන username සහ password, ADSL modem එකට ලබාදිය යුතු වෙනවා.අපේ browser එකේ  address bar එකෙහි 192.168.1.1 ලෙස ලබාදීමෙන් අපිට සාමාන්‍යයෙන් රවුටරයට සම්බන්ද වීමට පුළුවන්.ඊට පස්සේ configure කරගන්න තමයි තියෙන්නේ.

    දැන් අපි මේ ADSL Splitter එක ගැන හොයලා බලමු.ADSL පහසුකම  සහිත දුරකථන මාර්ගයකට දුරකථනයක් සම්බන්ධ කිරීමේදී අපි මේ Splitter සහ Filter යොදාගන්නවා.ඇයි එහෙම කරන්නේ කියලා හොයලා බැලුවොත්, අපි දුරකථන ඇමතුමක ඉන්නවා කියලා හිතමු එතකොට ADSL සංඥා මගින් මගින් ඇතිවන ඝෝෂාව අඩුකරගැනීමට සහ ඇමතුම විසන්ධි වීම වලක්වා ගැනීමට අපි Splitter/ Filter  යොදා ගන්නවා.ADSL filter වලට micro filter කියලත් කියනවා.සරලවම ගත්තොත් ADSL Splitter මගින් දුර ඇමතුම් සංඥා, ADSL සංඥා වලින් isolate කරනවා.ඒ කිව්වේ වෙන් කරනවා කියලා

.ADSL spitter එකක් පහත තියන රුපයෙන් ඔයාලට බලාගන්න පුළුවන්.
මෙහි ඇතුලත ඇති Circuit එක පහත රුපයෙන් දැක්වේ..

ADSL සම්බන්ධතාවයක උපාංග සහ Splitter, Filter සම්බන්ධ වන අයුරු ගැන පහත රූප සටහන් වලින් ඔයාලට බලාගන්න පුළුවන්.






ගොඩක් කියවනකොට එපා වෙන නිසා මෙහි ඉතිරි කොටස පසුව ලියමි.ඒ ADSL තාක්ෂනය (2 කොටස) ලෙසයි.ඔයාලගේ අදහස් මම බලාපොරොත්තු වෙනවා.තව ලියන්න ඕන දේවල් තියනවනම් කියන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.ස්තුතියි.

පාදක සටහන්.
---------------------------------

http://en.wikipedia.org/wiki/Asymmetric_digital_subscriber_line
http://computer.howstuffworks.com/dsl.htm
http://www.usr.com/support/8550/8550-ug/two.html
http://en.wikipedia.org/wiki/DSL_modem
http://www.clari.net.au/adsl-filters-and-splitters/
http://en.wikipedia.org/wiki/DSL_filter



3 comments:

  1. නියම නැඩක් සහෝ..අදයි දැක්කේ. බොහොම වටින සයිට් එකක්.ලොකු උත්සාහයක්. දිගටම ඉන්න මම සුභ පතනවා ඔයාට...

    ReplyDelete
  2. බොහොම ස්තුතියි සහෝදරයා

    ReplyDelete
  3. කෝ මේකෙ දෙක කොටස සහෝ... එල එල

    ReplyDelete

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.