ආයුබෝවන්!
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා.මෙයට වසර මිලියන 3කට පෙර පෘතුවිය පැවති ආකාරය ගැන කිව්වොත්,විශාල වශයෙන් ගිනිකඳු පිපිරවීම ඒ කාලයේ පැවති බවට හෙළිදරවු වෙලා තියනවා.අද මේ පවතින මහ පොළව මත එදා තිබී ඇත්තේ ඝන මඩ තට්ටුවක්.ජිවින්ගේ උපතට මුල් වෙලා තියෙන්නේ එම ඝන තට්ටුවයි.
පෘතුවිය නිර්මාණය වී ඇත්තේ සෞරග්‍රහ මණ්ඩලයේ එක් ග්‍රහ වස්තුවක් ආකාරයටයි.එවන් ග්‍රහ වස්තූන් නවයකින් සෞරග්‍රහ මණ්ඩලය ගොඩනැගී තියනවා.මහා පිපිරුම න්‍යායට අනුව සෞරග්‍රහ මණ්ඩලයද නිර්මාණය විය.ඒ සඳහා වසර බිලියන 15ක් ගත වුනා.මහා පිපුරුමින් පසු විශ්වය පුරාම විහිදී ගිය ඉතාමත් බිහිසුණු විකිරණ කොටස් මගින් පසුව මන්දාකිනි නිර්මාණය වීම ඇරඹුණ අතර, ඒ සඳහා අවම ලෙසට වසර 3,00,000 පමණ කාලයක් ගත වී ඇත.
අධික උෂ්ණත්වය තුල පළමුව නිර්මාණය වුයේ ලප වැනි ආකාරයේ කොටස්ය.ඒ ඒ ලපවල ප්‍රමාණය අනුව ආකර්ශනීය බවක්ද ඇතිවිය.එහි ප්‍රතිඵලයක් ලෙසට අවට ඇති දුවිලි අංශුත් ඇදගැනීම සිදුවීම සමගම ක්වාසාර නැමැති කොටස් ගොඩනැගිණි.මෙය මහා පිපිරුමේ සිට වසර බිලියන 5ක කාලයක් තුල සිදුවූ බව පිළිගැනේ.එතැන් සිට වසර බිලියන 11 පසු මන්දාකිනි හා ක්වාසාර අතර කාලය නිර්මාණය විය.එතැන් සිට තවත් වසර බිලියන 4කට පසු, අද පවතින තරු පොකුරු නිර්මාණය වී ඇත.මේ සියල්ල විශ්වීය විප්ලවයේ ක්‍රියාදාමයක් වූ තර එහි ප්‍රතිපලයක් ලෙසට පෘතුවිය නිර්මාණය වූ බව පිළිගැනේ.
අපේ මහ පොළව නිර්මාණය වුයේ කුමන ආකාරයටද යන්න සෙවීම කිසි කෙනෙකුට කරන්න බැරි වැඩක් බවයි පෙනීයන්නේ.මොකද අද වෙනතෙක් කිසිදු විද්‍යාඥයකු පෘතුවිය නිර්මාණය වුයේ මේ ආකාරයට බව හෙළි කිරීමට අපොහසත් වී ඇත.
මහා පිපුරුමෙන් පසු ඇතිවූ දුවිලි අංශු මගින් පෘතුවිය ගොඩනැගී ඇති බව පිළිගැනේ.ඒ අනුව අපේ පෘතුවියේ අවම වයස අවුරුදු බිලියන 455-456 අතර විය.මෙලෙස පෘතුවියේ වයස තීරණය කිරීම සඳහා ඔවුන් යොදාගන්නේ පෘතුවියේ අඩංගු පාෂාණ තට්ටුවයි.එහෙත් මෙහිදී අනාවරණය වුයේ එම පාෂාණ තට්ටු පෘතුවියේ උපතට වැඩ වසර මිලියන පන්සියයක් තරම් බවයි.මේ පිලිබදව තවදුරටත් පර්යේෂණ වල නිරත වූ විද්යන්ග්යන් හෙළිකොට ඇත්තේ සුර්යයාගේ ළදරු කාලයේදී අපේ පෘතුවිය ගොඩනැගීමට අවශ්‍යය දුවිලි අංශු එකතු වී ඇති බවයි.
මුල්ම යුගයේදී හිරු ගොඩනැගී ඇත්තේ පිරිසියකට ආකාරයටය.එහිදී සූර්යයාගෙන් නිදහස් වූ දුවිලි අංශුන් වසර 10,000 ක් පුර අවකාශයේ ගමන කොට තමා අවට පවතින අනිකුත් දුවිලි අංශුන් සමග එක්වී ඉතා සවිමත් ගෝලයක් නිර්මාණය වී ඇත.එහෙත් මෙම ක්‍රියාදාමයේ අග මුල හරියටම පැහැදිලි කිරීමට නොහැකිය.පසුව මෙම දුවිලි ගෝලය තුල ඇතිවූ ආකර්ෂණය මගින් අවට ඇති අනිකුත් කුඩ වස්තුන්ද තමන් වෙත ඇද ගැනීමට සමත් වීම සමගම ගෝලය තවතවත් විශාල විය.මේ සඳහා අවම ලෙසට වසර මිලියන සියයක් පමණ ගතවන්නට ඇතැයි විශ්වාස කෙරේ.
වසර මිලියන 56 ක කාලයක් තුල සිදුවූ විපරිත මගින් අද පවතින ආකාරයට පෘතුවියේ හැඩය ගොඩනැගිණි.පෘතුවියේ හැඩය නිර්මාණය වීමේදී ආසන්නම පැවති ග්‍රහවස්තුන් ගැටීමෙන් ඇති වූ ඇති විශාල දුවිලි අංශු මෙලෙස හැඩය ගොඩනැගීමට එක් හේතුවක් වන්නට ඇතැයි ද විද්‍යාඥයින් විශ්වාස කරයි.
උපුටා ගත්තේ-justearth.net
පෘතුවිය ගොඩනැගීම සමගම එහි කිසිදු ජීවියෙකු නොසිටි බව මනාව පැහැදිලි වේ.මෙම ක්‍රියාවලිය වසර බිලියනයක් යන තෙක් පැවති අතර, පසුව වසර බිලියන 4 කට පසු මහා සාගරය නිර්මාණය වූ බව පිළිගැනේ.ඒ අතරතුර කාලයේ විශාල උල්කාපාත නිරන්තරව පෘථිවිය මතට කඩාවැටීම නිසා අතිවිශාල දුවිලි අංශුන් ඉහල අහසට විසිරි ගොස් ඇත.එතැන් සිට වසර බිලියන 35 කට පසු පෘතුවිය මත ශාක උපදින්නට ඇති බව පිළිගැනේ.එය ජිවින්ගේ උපතේ ආරම්භයයි.
වසර බිලියන ගණනකට පෙර පෘතුවිය මතට විශාල ලෙසට උල්කා පතිත වූ බව පිළිගැනේ
උපුටා ගත්තේ- wallpapers-room.com
මම යනවා.ජයශ්‍රී!
No comments:
Post a Comment