iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Thursday, May 17, 2012

iPad 3 ගැන ඔක්කොම දේවල්...


    ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා.මමත් එකක් ගන්න ආසයි.ඒත් පින නෑ.සල්ලි තියන යාලුවෝ මේක අරන් පාවිච්චි කරන්න.ගොඩක් හොඳ බාන්ඩයක්.පොතක් කියවන්න, පියානෝ ගහන්න, සින්දුවක් අහන්න, game එකක් ගහන්න, නෙට් යන්න කියාපු බාන්ඩේ.ඇත්තටම මේ අලුත් iPad එකේ Display , Camera, Wireless connection ගත්තම සුපිරිම මට්ටමේ තියනවා.අපි මේ third-generation එකේ iPad එක ගැන ටිකක් හොයලා බලමු.ඒ කිව්වේ මේකේ features, accessories , education සම්බන්දව.එහෙනම් පටන්ගමු.






ගොඩ දෙනෙක් කතාකරන Retina display එක තමයි iPad 3 එකේ display එක.ඇත්තටම මෙහි iPad 2 එකේ pixel ප්‍රමාණයට වඩා වැඩි pixels ප්‍රමාණයකින් යුක්තයි.Razor-sharp text, Richer colors මෙය තවත් හොඳ දෙයක් වීමට සලස්වනවා.මේ Retina display එක නිසා iPad 3 එකෙහි සුවිශේෂිතාවය තවත් වැඩිකරනවා.හිතාගන්නවත් බැරි තරම් දියුණු තාක්ෂණයක් කිව්වොත් හරි.අපි බලමු iPad 2 එකේ display එකේ සහ අලුත් iPad 3 එකෙහි ඇති Retina display එක අතර තියන වෙනස කොහොමද කියලා.

iBooks එකේ pic එකක්.රවුන් කරලා තියෙන්නේ වෙනසයි.ඒ කිව්වේ zoom කරාම තියන විශේෂත්වයයි.



photo එකක් zoom කරාම තියන වෙනස බලන්න.මෙහි ඇති වර්ණ වෙනස ගැන බැලුවම Retina display එක ගොඩක් ඉහල මට්ටමක තියනවා.



email එකක අකුරු වල තියන විශේෂතාවය සහ රූප වල වර්ණ ගත්තම Retina display එක ඉතාමත් විශිෂ්ටයි.


ඔයාලා දන්නවද මේ අලුත් iPad එකේ Retina display එකේ තියන pixels ප්‍රමාණය HDTV එකක තියන pixels ප්‍රමාණයට වඩා මිලියනයකටත් වඩා වැඩි බව.හිතාගන්නත් අමාරුයි නේද,ඒ උනාට මම කිව්වේ ඇත්ත.මේ Retina display එකේ resolution එක 2048 * 1536 වෙනවා, color saturation එක 44% යි සහ මිලියන 3.1 pixels ප්‍රමාණයක් මේ 9.7 inch space එක තුල තියනවා.HDTV එකක resolution එක වෙන්නේ 1920 * 1080 නේ.ඒ කියන්නේ iPad එකෙන් HDTV එකක පෙනෙන දුරටත් වඩා මේ Retina display එකේ පේනවා කියන එකයි.පින්තුරයක් බලද්දී මුලු පින්තුරයම බලන්න පුළුවන්, article එකක් කියවද්දී ගොඩක් වටිනවා ඒ වගේම game එකක් සෙල්ලම් කරද්දිනම් නියමයි.මොකද ලොකු ප්‍රමාණයක් පේනවනේ.ඇත්තටම මෙහි Breakthrough තාක්ෂනය මොවුන් යොදාගෙන තියනවා.

හොඳයි අපි දැන් බලමු මේ iPad 3 එකේ processor එක සහ graphics සම්බන්දව.මේ අලුත් iPad 3 එකේ තියෙන්නේ A5X chip එකක් quad-core graphic drivers සමගින්ම.එමගින් තමයි මෙහි ඇති smoothness බාවය සහ fluidity එක වැඩිකරන්නේ.මෙහි ඇති සිත්ගන්නාසුලු බව වැඩිකරන්න මේ graphics ඉතාමත් වැදගත් වෙනවා.





    මේ powerful A5X chip එක තියෙද්දී Retina display එකේ ගුණාත්මක බාවය තවත් වැඩියි. A5X chip එකෙන් මෙහි display එකේ මිලයන 3.1 pixels ප්‍රමාණයට power දෙනවා.ඇත්තටම මේ quad-core graphics processing එක නිසා iPad 3 එක තවත් ඉහල මට්ටමට යාමට එක් කරුණක් කිව්වොත් හරි.මොකද මෙයින් අපිට ලැබෙන feel එක ගැන හිතුවම ගොඩක් විශිෂ්ටයි.swiping, scrolling, සහ iphoto මගින් photo එකක් edit කිරීම, iMovie වලට titles    සහ transitions apply කිරීම,games සෙල්ලම් කිරීම ඉතාමත් හොඳට කිරීමට මේ A5X chip එක සහ quad-core graphics drivers නිසා පුලුවන්.ඒ වගේම තමා මෙහි ඇති touch screen එක, ඉතාමත් උසස් මට්ටමක තියනවා කියලා කියන්න පුලුවන්.ඔයා Home button එක එබුවම හෝ Smart cover එක open කරාම ඔයාට පුලුවන් වැඩ ගන්න.ඒ කිව්වේ ඔයාට ඕන app එකක් අරගන්න වගේ.සරලවම කිව්වොත් iPad එකෙන් අපේ වැඩ පටන් ගන්න.

මොක හොඳ උනත් වැඩක් නෑනේ හොඳ Battery Life එකක් නැත්තන් නේද.ඒකට බයවෙන්න ඕනේ නෑ පැය 10ක් හොඳට වැඩ කරන්න පුලුවන්.ඒ කිව්වේ කියවන්න, බලන්න, game සෙල්ලම් කරන්න වගේ ඕන එකක් කරන්න පුලුවන්.කොහොමද බාන්ඩේ නියමයි නේද.




අපි දැන් මේකේ Camera එක ගැන ටිකක් හොයලා බලමු.මේ අපි කතාකරන iPad 3 එකේ 5-megapixel  iSight camera එකක් තමයි යාලුවනේ තියෙන්නේ.design කරලා තියෙන්නේ Advanced optics විදිහට, ඒ නිසා ඔයාලට පුලුවන් ලස්සන පින්තූර ගන්න,ඒ වගේම1080p HD video කරන්නත් පුලුවන් හොඳේ. 





iPad 3 සතුව තියන මේ 5-megapixel iSight camera එකේ තියන backside illumination sensor (ආලෝක සංවේදකය) එක නිසා sunlight එකේදී හෝ candlelight එකේදී ගැන්නා ඕනෑම pic එකක් ඉතාමත් හොඳ තත්වයෙන් ලබාගැනීමේ හැකියාව අපට ලැබිලා තියනවා.මෙම camera එකේ ඇති Autofocus, tap to focus,සහ tap to set exposure functions නිසා අපි ක්ෂණිකව ගන්නා pic එකක් උනත් උසස් මට්ටමේ තියනවා.ඒවගේම මේ camera එක සතුව එන face detection මගින් automatically focus එක balance කරගන්නවා, සහ  හරස් අතට මුහුණු 10 ක් exposure කිරීමටද පුලුවන්.ඇත්තටම iPad එක දිහා බලන හැමෝම කියන්නේ "Cheese" කියලා.කොහොමද camera එක.නියමයි නේද?


මේ ගැන නම් කිව්වොත් අලුත් iPad එකේ ඔයාලට පුලුවන් 1080p Full HD video record කරන්න.තම තමන්ගේ ජිවිතයේ වටිනා අවස්ථාවක් Record කරලා පස්සේ කාලෙක හැබැයින් බලනවා වගේ නියම video එකක් බලන්න පුලුවන්.මේක නම් ඇත්තටම ගොඩක් වටිනවා.මොකද HD video record කරන්න පුලුවන් Camera එකක් ගන්න වෙලාවේ මේ ඔක්කොම එකට තියන iPad ගත්තනම් ගොඩක් පහසුයිනේ.ඒ වගේම මෙහි  automatic video stabilization තියනවා.

මෙහි ඇති Camera එක megapixel 5යිනේ, නමුත් ඇත්තටම photo එක quality එකට ගන්නනම් තවත් දේවල් අවශ්‍යය වෙනවා.ඒ කිව්වේ camera’s optics, image signal processor, සහ software වගේ දේවලුත් හොඳටම තියෙන්න ඕනේ.බයවෙන්න දෙයක් නෑ මේ iSight camera එක use කරන්නේ dvanced optics නිසා ඔයාට pic එක ගොඩක් quality එකට ගන්න පුලුවන්.ඒ වගේම ƒ/2.4 aperture එක සහ five-element lens නිසා  ගන්න පින්තුරය ගැන නරකක් කියන්න වෙන්නේ නැති තරම්.තව දෙයක් තමයි light efficiently capture කරගන්න නිසා pic එක තවත් හොඳයි.කියන්නම ඕනේ දෙයක් තමයි මේ hybrid infrared filter එකක් තියන නිසා ගොඩක් ගණන් දීලා ගන්න SLR camera එකක් එහෙම ගන්න ඕනෙත් නෑ.ඔයාලට තේරෙනවනේ මේ camera එක කොයිතරම් හොඳ මට්ටමක තියනවද කියලා.








මේ iPad 3 එක මොවුන් නිර්මාණය කරලා තියෙන්නේ අලුත්ම wireless technology එක අපිට බාවිතා කරන්න අවස්ථාව සලස්වලා.ඒ කිව්වේ 4G LTE තාක්ෂනය මෙහි තියෙන්නේ.


iPad එකක් ගත්තම ඕකට පහනක් පත්තුකරලා බලාගෙන ඉන්නේ නෑනේ.දන්න වැඩ කෑලි ඔක්කොම දානවනේ.ඉතින් මේ iPad එකෙන් ඔයාලට ලෝකෙම එකම තැනකට ගන්න පුලුවන්.ඒ කිව්වේ ලෝකේ වටේම තියන networks වලට ගොඩක් support කරනවා.ඇත්තම මේ අලුත් iPad එක design කරලා තියෙන්නේ cellular antennas සහිතවයි .ඒ නිසා ගොඩක් ලොකු frequency spectrum වලට access කරනවා.ඒ කියන්නේ AT&T හෝ Verizon මගින් ඕනෙම තැනකදී online වීමේ හැකියාව ඔයාලට තියනවා.තව දෙයක් තමයි අපි හිතමු ඔයා travelling කරනවානම් local SIM එකක් භාවිතා කරන්නත් ඔයාලට පුලුවන්.

මම කලින් කිව්වා වගේ අලුත් iPad එක support කරනවා අධිවේගී cellular networks වලට මුළු ලෝකේ වටේම තියන.ඒ වගේම U.S වලදී සහ Canada වලදී 4G LTE network එක භාවිතා කරන්නත් පුලුවන්.ඉතින් ඔයාලට පුලුවන් web එක browse කරන්න, stream content,blazing-fast speeds වලින් movie එක download කරගන්න වගේ දේවල් කරන්න පුලුවන්.ඒ වගේම GSM/UMTS වගේ worldwide network technologies, HSPA, HSPA+, සහ DC-HSDPA 3G networks එහෙමත් iPad 3 එකේ වැඩ.DC-HSDPA හරහා 42Mbps දක්වා downlink speed එකකුත්, HSPA+ හරහා 21.1 Mbps දක්වා downlink speed එකකුත් අපිට ලැබෙනවා.ලංකාවටනම් ඇත්තටම මේ iPad 3 එක ගැලපෙන්නේ නෑ නේද යාලුවනේ.මොකද අපේ internet speed එක ගැන කතාකරලා වැඩක් නැති තරම් හොඳයිනේ.


පළමු වතාවට, ඔයාලට පුලුවන් share කරගන්න high-speed data connection එකක් ඔයාගේ iPad එකෙන්.ඒ කිව්වේ iPad එකට පුලුවන් personal hotspot විදිහට act කරන්න.එමගින් devices 5කට connect වීමේ හැකියාව තියනවා.ඒ කියන්නේ Macbook Air, iPod touch ,තවත් iPad එකකට වගේ connect වෙන්න පුලුවන් Wi-Fi , Bluetooth , හෝ USB මඟිනුත් connect වෙන්න පුලුවන්.





Apple සමාගම කියන්නේ iOS වලට, The world’s most advanced mobile operating system එක කියලනේ.ඔවුන් කියන ආකාරයට මේ iPad එක පිටුපස තියන magic එකත් iOS එක තමයි.එමගින් Multi-Touch use කරලා ඔයාලට ඕනෙම දෙයක් කරගන්න පුලුවන් කියලා තමයි මෙයාලා කියන්නේ.ගොඩක් powerful, innovative සහ ඕනෑතරම් apps මේ සමගම එනවා.ඒ වගේම app develop කරන අයටත් ගොඩක් හොඳයි.



    Newsstand 
Newsstand මගින් ඔයා කැමතිම newspaper, magazine, සහ journal subscriptions වගේ දේවල් එක තැනකට කරලා තියාගන්න පුලුවන්.Store button එක tap කිරීමෙන් ඔයාලට පුලුවන් App Store එකේ තියන අලුත් දේවල් shopping කරන්න පුලුවන්. 



 
   Messages with iMessage
ලොකු iPad display එකේ මේ imessage හරහා text messaging කරන එක ගොඩක් ලස්සනට හදලා තියනවා.imessage හරහා ඔයාලට photos, videos, locations, සහ contacts වගේ දේවල් send කරන්න පුලුවන්.

 
    Notification Center
iPad එක වැඩ කරන්නේ ඔයා දාලා තියන apps එක්කනේ.ඉතින් missed messages, calendar invitations, friend requests, වගේ දේවල් පහසුවෙන්ම එකවරම බලාගන්න දැන් ඔයාලට පුලුවන්.ඔයාගේ iPad screen එකේ top එකේ Notification bar එකක් වගේ එකක් display වෙනවා.ඉතින් මේකෙන් ඔයාලට recent notification summary එකක් බලාගන්න පුලුවන්.

 
   SAFARI
iOS 5 සමග web browse කරන එක ගොඩක් පහසුයි.Safari reader එක මගින් ads සහ clutter නොමැතිව article එකක් කියවන්න පුලුවන්.ඒවගේම ඔයාගේ Reading list එකට article links add කිරීමටත් පුලුවන්.ඒ වගේම ගොඩක් web pages open කරගෙන tabbed browsing මගින් web page එකකින් තව එකකට ඉතාමත් පහසුවෙන් ඉක්මනින් මාරු වෙන්නත් ඔයාලට පුලුවන්. 


  TWITTER INTEGRATION


 iOS 5 තුලම twitter එනවා.ඉතින් ඔයාට පුලුවන් Sign in වෙලා Safari, Photos, Camera, YouTube, සහ Maps වගේ දේවල් වලින් tweet කරන්න පටන් ගන්න.වැඩේ ගොඩක් පහසුයි නේද.

 මෙහි තියන iPad iOS එක සහ iOS 5 ගැන පුළුල්ව ඉදිරියේදී ලිපියක් මම ලියන්නම්.

ICLOUD YOUR CONTENT. ON ALL YOUR DEVICES.


ඔයාලගේ music, photos, apps, mail, contacts, calendars, documents, වගේ දේවල් iCloud එකේ store කරන්න පුලුව.ඒවගේම තමයි ඔයාලගේ ඕනෙම device එකකට wirelessly push කරන්නත් පුලුවන්.අපි හිතමු ඔයා song එකක් buy කලොත්,photo එකක් ගත්තොත්,calender එකේ event එකක් edit කරොත් ඔයාගේ iPad එකේ, iCloud හරහා ඔයාගේ Mac, iPhone, සහ iPod touch  වැනි ඕනෙම එකක පෙන්නනවා.



 DICTATION TALKING IS THE NEW TYPING.


email එකක් ලිවිම, text එකක් send කිරීම, web එකේ මොකක්හරි search කිරීම, note එකක් create කිරීම, වැනි ඕනෙම දෙයක් දැන් ඔයාලට ඔයාගේ voice එක මගින් කරගන්න පුලුවන්.ඒ කිව්වේ Type කරනවා වෙනුවට කතාකරලා කරන්න පුලුවන් කියන එක යාලුවනේ.ලොකු වැඩක් නෙමෙයි ඔයාගේ iPad එකේ keyboard එකේ microphone icon එක tap කරන්නයි තියෙන්නේ.ඊට පස්සේ තියෙන්නේ ඔයාට ඕන දේ කියන්නයි,එතකොට ඔයා කියන දේවල් වචන වලට පෙරෙලෙනවා.මේ Dictation, third-party apps සමගත් වැඩකරනවා, ඉතින් ඔයාලට පුලුවන් Facebook status update කරන්න, twitter feed share කරන්න වගේ දේවලුත් කරගන්න පුලුවන්.                                 







App store එකේ apps 200,000කටත් වඩා තියනවා.ඒ වගේම ඒ ඔක්කොම iPad එකටමයි හදලා තියෙන්නේ.ගොඩක් apps අපිට නොමිලේ ගන්න පුලුවන්.App Store එකට ගිහින් ඔයාට කැමති app එකක් මිලදී ගන්න පුලුවන්.iTunes වලින් musics මිලදී ගන්නත් ඔයාලට පුලුවන්.ඔයාට app එකක් මිලදී ගන්න ඕනෙනම් කරන්න තියෙන්නේ Buy it මත tap කරන්න විතරයි.ඊට පස්සේ ඉබේම download වීම පටන් ගන්නවා.updates ඇවිත් තියනවනම් iPad එකෙන් ඒ බව ඔයාලට දැනුම් දෙනවා එතකොට තියෙන්නේ app එක update කරගන්නයි.iPad සඳහාම හදලා තියන apps design කරලා තියෙන්නේ එයින් උපරිම ප්‍රයෝජනය අපිට ගන්න පුලුවන් විදිහටයි.ඒ වගේ එකක් තමයි iPhoto app එක.උසස්ම මට්ටමේ තියනවා. 





iPad එකට තවත් නැතුවම බැරි දෙයක් තමයි මේ iPad Smart Cover එක.මේක හදලා තියෙන්නේ Smart magnetic technology එක බාවිතා කරලා.ඇත්තටම මේ iPad smart cover එක නිසා ඔයාලගේ iPad එකේ screen එක ආරක්ෂා වෙනවා.මේ Smart cover එක open කරාම ඔයාගේ iPad එක අවදිවෙනවා.Smart cover එක close කරාම iPad එක නින්දට යනවා.Smart cover එක හැකුලුවම (නැමුවම) stand එකක් විදිහට බාවිත කරන්න පුලුවන්.ඇත්තටම ගොඩක් Smart තමයි. 




මේක ගැනනම් කියන්න ඕනෙමයි.මොකද මේක ගොඩක් වටිනා දෙයක්.ඔයාගේ iPad එකේ musics, photos, videos wireless විදිහට ඔයාගේ HDTV එකට stream කරන්න පුලුවන්.සහ Air play enabled කරගන්න පුලුවන් Wi-Fi network එකක් හරහා. මේකට ඉතින් කරන්න තියෙන්නේ AirPlay icon එක tap කරන්න තමයි.එකරලා iPad එකේ තියන movie එකක් එහෙම නියමෙටම TV එකෙන් බලන්න පුලුවන්.


















Protection for your iPad




හැම iPad එකක්ම එන්නේ one year hardware repair coverage එකක් සහ දවස් 90ක telephone technical support එකක් සමගයි.Apple care+ මගින් technical support එක සහ repair කරගන්න ඔයාලට පුලුවන්.





එහනම් යාලුවනේ මම යනවා.ලිපිය ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.ජයවේවා! 

No comments:

Post a Comment

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.