iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Friday, August 31, 2012

aspect ratio කියන්නේ මොකක්ද?

 ආයුබෝවන්! මොකද්ද මේ aspect ratio කියන්නේ.ගොඩක් දෙනා දන්නවා ඇති,නොදන්නවත් ඇති,නොදන්නා අයටයි ඔන්න ලියන්නේ.aspect ratio කියන වචනෙට සිංහලෙන් කියන්නේ දෘෂ්‍යානුපාතය කියලා.අපි ස්වභාවිකව මොකක්හරි දර්ශණයක් දැකීමේදී එම දර්ශණය අපි ඉදිරියේ ඇති එක්තරා රාමුවකට 
පමණක් සිමා වෙනවා.එම සීමාව පනවන රාමුව පළලින් වැඩි උසින් අඩු සෘජුකෝණාස්‍රාකාර හැඩයක් ගන්නවා.අපි එක් ඇසකින් පමණක් බැලුවොත් මෙම රාමුව 4:3 අනුපාතයෙන්ද, ඇස්දෙකෙන්ම බලන විට 16:9 අනුපාතයෙන්ද දිස්වෙනවා.පොඩ්ඩක් උත්සහ කරලා බලන්න.ඉතින් මේ අනුපාතයට දෘෂ්‍යානුපාතය කියලා කියනවා.

    වීඩියෝ කැමරාවක ප්‍රතිබිම්බය පතිත වන ඉලක්කයද (Target) මෙසේ 4:3 සෘජුකෝණාස්‍රාකාර හැඩයෙන් හදලා තියෙන්නේ.එතකොට ඔය රූපවාහිනී යන්ත්‍ර වල ඇති තිරයත් 4:3 අනුපාතයෙන් වූ සෘජුකෝණාස්‍රයක් වන අතර 12",17", 21" රූපවාහිනී යන්ත්‍ර ලෙස හඳුන්වන්නේ එම සෘජුකෝණාස්‍රාකාර තිරයේ විකර්ණයේ දිගයි.සිනමා රූප රාමුවද මෙම අනුපාතයම දරනවා.

    HDTV වගේ නවීන රූපවාහිනී තාක්ෂණයද නවීන සිනමාවද භාවිත කරන්නේ 16:9 දෘෂ්‍යානුපාතයයි.ඇත්තටම නිවැරදි වන්නේ එම දෘෂ්‍යානුපාතය තමයි.නිශ්චල ඡායාරූප මෙන් නොව සිනමාව සහ රුපවාහිනිය යන මාධ්‍ය දෙකම අපිට චලන රූප ලබාදෙනවා.මේ සඳහා එක් නිමේශයකට පමණක් සීමාවූ එක් රූප රාමුවක් පමණක් ප්‍රමාණවත් වන්නේ නෑ.එකකට පසු එකක් වශයෙන්, චලනය වන වස්තුන් ඇතුලත් රූප රාමු පෙළක් එක දිගට දකින්න සැලස්වුවහොත් අපිට චලනය වන දර්ශනයක් දැකගන්න පුළුවන්.එසේ හැකි වන්නේ අපේ ඇස සහ මනස එක්ව අපට දායාද කල ස්වභාවික සංසිද්දියක් නිසයි.
අපි යම් දෙයක් දැකීමෙන් පසුව එය මනසෙන් ඉවත් වන්නේ තත්පරයෙන් දොළහෙන් එකක ( 1/12 )ක පමණ කාලයක් රැඳී 
පැවතීමෙන් පසුවයි.එහෙයින් එකම දෙය තත්පර 1/12 ක ට අඩු කාල වකවානුවක් තුලදී නැවත දැකීමට සැලස්වුවහොත් අඛන්ඩත්වයකින් යුතුව එම දෙය අපට දැකගත හැකියි.මෙසේ ඇතිවන දෘෂ්ඨි අඛණ්ඩත්වය ඇස සහ මනසේ ප්‍රතිබිම්බ ධාරණය ( Image Retentivity ) නිසා සිදුවන්නකි.


  පෙරහැරවල රැගෙන යන පන්දමක් වැනි දෙයක් දල්වා වේගයෙන් භ්‍රමණය කරවනු ලැබුවහොත් එහි ගිනි සිළුව අපට වෘත්තාකාර පථයක් පුරාම දිස්වෙනවා ඔයාලා දැකලා ඇති.ඒත් 

 ඕනෑම මොහොතක ගිනි සිළුව පවතින්නේ එක් තැනක විතරයි.තත්පරයකට වට 12 ඉක්මවමින් පන්දම භ්‍රමණය වන විට අපිට අඛණ්ඩතාවයෙන් යුතුව වෘත්තය පුරා ගින්දර දැකිය හැකි වන්නේ මෙම ප්‍රතිබිම්බ ධාරණය නිසයි.සිනමාව සහ රූපවාහිනියට මෙය ඉතා වැදගත් වෙනවා.


    ඒත් තත්පරයකින් 1/12 ක් පමණ කල් හැර යම් දෙයක් නැවත දැකීමට සැලැස්වූ විට එය අඛණ්ඩව දැකිය හැකි වුවත් එම දැක්මේ චන්චලනයක් ( flicker ) ඇතිවේ.






අපි තවත් දෙයකින් නැවත හමුවෙමු!සංවාදය ඔබට බාරයි!








      

    




6 comments:

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.