iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Saturday, September 29, 2012

විදුලි පරිපථවල ආරක්ෂක ක්‍රම


   ආයුබෝවන්! විදුලි පරිපථයක් සඳහා බොහෝ ආරක්ෂක ක්‍රම භාවිත කළ හැකි වුවත් ප්‍රධාන වශයෙන් විදුලි පරිපථයක ආරක්ෂාව සැලසිය යුතු ආකාර 2කකි.


  • ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
  • විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කලයුතුවිම.
ගින්නක් ඇති වීමෙන් ආරක්ෂා කළ යුතුවීම 
      
             එනම් Short Circuit වීම් වලින් ගිනි පුලිඟු හටගන්නා අතර ගිනි ගැනීමට පහසු මාධ්‍යක් ඒ අසල තිබුණහොත් ගින්නක් ඇතිවිය හැකියි.එම නිසා කෙටි පරිපථ වීම්වලින් ආරක්ෂා (Short Circuit Protection) කළ යුතු වෙනවා,මේ සඳහා පරිපථ වලට විලායක යෙදීම සිදුකරනවා.නිවාස විදුලි පරිපථ වලදී මෙම සේවාව විලායක පුවරුව ( D Board ) මගින් සිදුකරනු ලබනවා.කෙටි පරිපථ වීමක් හෝ වෙනත් මොන යම් කාරණයක් නිසා හෝ පරිපථයේ වැඩි ධාරාවක් ගලා යන විටදී මෙම විලායක මගින් පරිපථය විසන්ධි කෙරේ.

විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුවීම.
            
  එනම් විදුලි උපකරණ පරිහරණය කරන්නා විදුලි සැර වැදීමෙන් ආරක්ෂා කළ යුතුය.මේ සඳහා විදුලි පරිපතවලට මිහිකාන්දු පැන්නුම් වහරු භාවිත කෙරෙනවා.එවිට විදුලි උපකරණයක හෝ යම් පරිපථයක විදුලි කාන්දුවක් සිදු වුවහොත් එයට සංවේදී වන පැන්නුම් වහුරුව ක්ෂණිකව සැපයුම විසන්ධි කරයි.එමගින් උපකරණය භාවිත කරන කෙනාට විදුලි සැර වැදීමෙන් වෙන හානිය වළකාලයි.


දැන් අපි මිහිකාන්දු පැන්නුම් වහුරු ( Earth Leakage Trip Switch ) ගැන බලමු,

                 නිවාස විදුලි ඉදිකිරීම් සඳහා භාවිත වන ප්‍රධාන මිහිකාන්දු පැන්නුම් වහරු 2කි,

  • වෝල්ටීයතාවය අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Voltage Operated Trip Switch)
  • ධාරාව අනුව ක්‍රියාත්මක වන පැන්නුම් වහරුව (Current Operated Trip Switch)
    ශේෂ ධාරා පරිපථ බිඳීනය (Residual Current Circuit Breaker - RCCB)
      මෙම මිහිකාන්දු පැන්නුම් වහරු දෙවර්ගයේම ක්‍රියාකාරිත්වය වන්නේ පරිපථයේ යම් විදුලි කාන්දු වීමක් සිදු වුවහොත් වහා සැපයුම විසන්ධි කර උපකරණ භාවිතා කරන්නා ආරක්ෂා කිරීමයි. Trip Switch යක් මිලදී ගැනීමේදී අප ප්‍රධාන වශයෙන් සැලකිලිමත් විය යුතු කාරණා කිහිපයක් තියනවා.ඒවා ගැන කිව්වොත්,

  1. Trip Switch ය හරහා ලබාගත හැකි උපරිම ධාරාව (Rated Current)
  2. Trip Switch ය ක්‍රියා විරහිත වන කාන්දු ධාරාව හෙවත් සංවේදී කාන්දු ධාරාව (Tripping Current)
  3. Trip Switch ය හරහා ලබාගත හැකි සැපයුමේ වෝල්ටීයතාවය (Rated Voltage)
 Trip Switch ; 250V , 30A , 30mA ලෙස සටහන් කර ඇත්නම් ඉන් අදහස් වන්නේ Trip Switchය හරහා ලබාගත හැකි සැපයුමේ උපරිම වෝල්ටීයතාවය 250V බවත්, Trip Switch ය තුලින් ගෙන යා හැකි උපරිම ධාරාව 30A බවත්, පරිපථයේ 30mA කාන්දුවක් සිදු වන විට Trip Switch ය ක්‍රියා විරහිත වන බවත්ය.

           සෑමවිටම නිවාස සඳහා භාවිත කරනු ලබන්නේ 30mA ක කාන්දු ධාරාවකදී ක්‍රියා විරහිත වන Trip Switch ය.එවිට යම් උපකරණයක හෝ පරිපථයේ 30mA ක කාන්දුවක් සිදුවන විටදී Trip Switch ය මගින් සැපයුම විසන්ධි කරන බැවින් කාන්දුව මනුෂ්‍ය ශරිරරයක් හරහා සිදු වුවද එය 30mA වන විට සැපයුම විසන්ධි වීමෙන් මනුෂ්‍ය ශරීරයට අහිතකර ධාරාව වන 50mA ක් ශරීරය තුලින් ගලා යාමට පෙර සැපයුම විසන්ධි කිරීමෙන් මනුෂ්‍යයාට සිදුවන හානිය වලක්වනවා.එහෙත් කර්මාන්තශාලා විදුලි පරිපතවලට භාවිත කරනු ලබන්නේ වැඩි කාන්දු ධාරාවකට සංවේදී වන Trip Switch ය.මෙයට හේතුව කර්මාන්තශාලාවල විදුලි යන්ත්‍රෝපකරණ රාශියක් භාවිත කරන අතර කාලයක් ගතවීමේදී මෙම යන්ත්‍ර වල විදුලි පරිපතවලින් කුඩා කාන්දු හට ගනී.එවිට යන්ත්‍ර කිහිපයකින් කාන්දු හටගනිමේදී එය යම් තරමක කාන්දු ධාරාවක් බවට පත්වන අතර අඩු කාන්දු ධාරාවක් සහිත Trip Switch යක් යොදා තිබුණහොත් මේ තත්වය මත සැපයුම විසන්ධි වේ.නමුත් ප්‍රයෝගිකව යන්ත්‍ර වලින් සිදුවන මෙම සුළු කාන්දු මගින් කිසිවෙකුටත් හානියක් සිදු වෙන්නේ නෑ.නමුත් සපැයුම විසන්ධි වීමකට ලක් වුවහොත් මෙය ප්‍රයෝගික අපහසුතාවයක් ඇති වෙනවා,එබැවින් මෙම තත්වය සැලකිල්ලට ගෙන කර්මාන්තශාලා සඳහා 100mA ක කාන්දුවකට සංවේදී වන Trip Switch භාවිත කෙරෙනවා.

           එමෙන්ම 10mA , 15mA වැනි කුඩා කාන්දු සඳහා සංවේදී වන Trip Switch ද වෙළඳ පොලේ දැකිය හැකිය.මෙවන් කුඩා කාන්දු වලට සංවේදී Trip Switch භාවිත කරනු ලබන්නේ සත්ත්ව ගොවිපළවල විදුලි පරිපථ සඳහාය.සතුන් කොටුකර ඇති කුඩුවල නොයෙකුත් විදුලි උපාංග සවි වන අතර ඉන් සුළු කාන්දුවක් ඇති වුවද එමගින් සතුන් ජිවිත හානියට පත් වියහැකියි.එබැවින් 10mA , 15mA වැනි කුඩා ධාරාවන්ට සංවේදී Trip Switch එම පරිපථ සඳහා යොදා ගනියි.
                
      Trip Switch යක් ක්‍රියා විරහිත නොවී දිගු කාලයක් තිබියදී එහි යාන්ත්‍රික ලිවර පද්ධතියේ යම් හිරවීමක් ඇතිවිය හැකිය.එබැවින් කාන්දුවකට OFF වීම ප්‍රමාද වීමෙන් හෝ OFF නොවීමත් වැනි තත්වයක් ඇති විය හැක.එබැවින් මසකට, දෙකකට වරක් හෝ Trip Switch යේ Test Button එක ඔබා Trip Switch ය නිවැරදිව සුමටව ක්‍රියා විරහිත වීම සිදුවන්නේ දැයි පරික්ෂා කළ හැකිය.

ඉතින් ඔබත් විදුලියත් සමග වැඩකිරීමේදී පරෙස්සම්වෙන්න.පොඩි හෝ වැරද්දකින් ලොකු දෙයක් වෙන්න පුළුවන්.එහෙනම් අපි තවත් ලිපියකින් හමුවෙමු.

පාදක සටහන් ;
..........................
විදුලි කාර්මික ශිල්පය වෙනුවෙන් ලියු පොතක් ඇසුරෙනි.

                




2 comments:

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.