හැමෝටම ආයුබෝවන්! අද අපි කතාකරන්නේ අපේ මේ පරිගණකයේ ඉතිහාසය ගැනයි.ගොඩක් දෙන අද වනවිට පරිගණක බාවිතා කරාට පරිගණකයේ ඉතිහාසය ගැන දන්නේ ටිකදෙනයි.එහෙනම් මම වැඩේ පටන්ගන්නවා මුල ඉදල අගටම කියවල බලන්නකෝ....
ඔයාලා දන්නවනේ ලෝකේ දියුනවට මේ පරිගණකය ගොඩක් ඉවහල් උනා කියලා.දැන්නම් Tablet පරිගනකත් වැහි වහලනේ..පරිගණකයක් නැති එකෙක් හොයාගන්න පුදුම ගේමක් දෙන්න ඕනේ.කාගේහරි ගෙදරකටම ගියාම පරිගණකයක් තිබ්බේ නැත්තන් අනිවා එක්කෝ කැඩිලා හදන්න යවලා තමයි,ඉතින් අපි අපේ මුත්තලාගේ කාලේ කොහෙද Tablet PC, ඒ කාලේ ඔව්වා තිබ්බේ නෑ.ඇත්තටම කිව්වොත් මේ පරිගණකය නිර්මාණය වුනේ ගණිතමය කටයුතු පහසු කරගැනීමට.ඕකට ඉතින් අපේ මුත්තාගේ මුත්තා බාවිතා කරේ Abacus කියලා බාන්ඩයක්.:p කොමි ඇති වැඩේට බහිමු...
මිනිසා තමන්ගේ ගණිත කටයුතු වේගයෙන් සහ පහසු කරගැනීමට මුලින්ම බාවිතා කරේ ඇබකසය (Abacus) නමින් හදුන්වන සරල උපකරණයක්,මේ ඇබකසය දැනට වසර දහස් ගණනකට සිටම බාවිතා
කරා,.ජපානය,චීනය, ඇමරිකාව වගේ රටවල් මෙම ඇබකසය එයාලගේ ගණිත කටයුතු සඳහා බාවිතා කරා.පරණම ඇබකසය බාවිතා කරේ Babylonian ජාතිකයින් 300 B.C කාලයේ, දැනුත් පොඩි එවුන්ට අම්මලා තාත්තලා Abacus එකක් ඇරන් දෙනවනේ,උන් දන්නවනම් මේක පරණ බාන්ඩයක් කියලා පයින් ගහලා කඩලා දානවා.මටත් පොඩිකාලේ බාන්ඩයක් තිබ්බා.
පරණ ඇබකසයක්.
වර්තමානයේ බාවිතා කරන ඇබකසයක්
1617 දී ස්කොට්ලන්ත ජාතික ජෝන් නේපියර් ( John Napier ) විසින් ලඝුගණක සිද්ධාන්ත ( logarithm ) සොයා ගත්තා.ඒ කාලේ මිනිසුන් ඔහුව සැලකුවේ මෝඩ විකාර මිනිහෙක් කියලා.[දැනුත් ඉතින් එකනම් වෙනස් වෙලා නෑ නේද?] ගණිතය හදාරන යාළුවන් නම් දන්නවා ඇති ලඝුගණක ගණිත ක්‍රමය ගැන.සංඛ්‍යා ගුණ කිරීමේ ක්‍රියාවලිය මෙම ලඝුගණක බාවිතා කරලා එකතු කිරීමකට පෙරෙලිය හැකියි.,ලඝුගණක බාවිතයෙන් ගැටළු විසදීමට ලඝුගණක වගුවක් අවශ්‍යය වෙනවා.ඒකට විසදුමක් ලෙස ජෝන් නේපියර් බාවිතා කරේ අවශ්‍ය කරන අගයන් සහිත ඇත් දළ තීරුවල සටහන් කිරීමයි.එම ඇත්දළ තීරු වලට කිව්වේ Napier's Bones කියලා.( වැඩි දැනුමට )
නියම ඇත්දළ තීරු එකතුවක්.[ photo courtesy IBM]
නුතන ඇත්දළ තීරුවක්
ඉන්පසුව නෙපියර්ගේ ලඝුගණක සංකල්පය බාවිත කරමින් 1632 දී පමණ එංගලන්තයේදී සර්පන රූල ( Slide Rule ) නිර්මාණය උනා.අත්තමටම ඒ කාලයේ NASA ආයතනයේ ඉංජිනේරුවන් මෙම Slide Rule එක එයාලගේ කටයුතු සඳහා බාවිතා කරලා තියෙනවා. ( වැඩි දැනුම සඳහා )
ජර්මන් ජාතික මහාචාර්ය වරයෙකු වූ Wilhelm Schickard විසින් 1623 දී පමණ calculating clock එක නමින් වූ උපකරණයක් නිර්මාණය කරා.එම උපකරණයට speeding clock කියලත් කියනවා.නමුත් මෙමෙ උපකරණය ජනප්‍රිය වුයේ නෑ,හේතුව වුයේ එම මහාචාර්ය වරයා කුද්දටි ඉදිමීමේ රෝගයක් නිසා මියයාමයි.
Wilhelm Schickard(Born 22 April 1592)
Schickard ගේ calculating machine
ප්‍රංශ ජාතික බ්ලේස් පැස්කල් (Blaise Pascal) 1642 දී පමණ Pascaline යන්ත්‍රය නිර්මාණය කරනු ලැබුවා.ඇත්තටම මෙය ගණිත කටයුතු පහසුවෙන් කරගැනීමට හැකි වූ ආකලන යන්ත්‍රයක්( Adding Machine ) කියලා කිව්වොත් හරි.ඒ කාලේ මෙම යන්ත්‍රය ඔහුගේ පියාට ගොඩක් උදව් උනා ඔහුගේ වැඩවලට.මන්දයත් ඔහුගේ පියා tax collector කෙනෙක්.පැස්කල් උපත ලැබුවේ 1623 ජුනි 19 වෙනිදා,1662 අගෝස්තු 19 වෙනිදා ඔහු මියගියා.( වැඩි දැනුමට )
බ්ලේස් පැස්කල්
A Pascaline, signed by Pascal in 1652
වර්ෂ 1674 දී පමණ Gottfried Wilhelm Leibniz විසින් බ්ලේස් පැස්කල්ගේ ආකලන යන්ත්‍රය තවත් දියුණු කරා.මෙම දියුණුව නිසා එකතු කිරීම අඩු කිරීම මෙන්ම ගුණකිරීම සහ බෙදීමද සඳහා අවස්ථාව උදා වුණි.මොහු විසින් මෙම වැඩි දියුණු කල යන්ත්‍රයට Step Reckoner කියලා හඳුන්වනවා.ඇත්තටම එය digital mechanical calculator එකක්.මොහු උපත ලැබුවේ 1646 ජුලි 1 වෙනිදා, මියගියේ 1716 නොවැම්බර් 14 වෙනිදා, ( තව දුරටත්)
Gottfried Wilhelm Leibniz
In the position shown, the counting wheel meshes with 3 of the 9 Leibniz wheel's teeth
වර්ෂ 1801 දී පමණ ප්‍රංශ ජාතික Joseph Marie Jacquard විසින් Power loom එක නිර්මාණය කරා.රෙදි වියන කටයුත්තක් තමයි මේ යන්ත්‍රය මගින් කෙරුනේ.මෙහිදී සිදුරු කරන ලද කාඩ් පත් බාවිතා කරමින් රෙදිවල විවිදාකාරයේ රටා මැව්වා.මෙම සිදුරුපතට punch card කියලා කියනවා.
කතාවෙන් කතාවෙන් දැන් ආවේ ලෝකයේ පළමු යාන්ත්‍රික පරිගණකය ගැන කියන්න.වර්ෂ 1822 දී ඉංග්‍රීසි ජාතිකයෙකු වූ චාල්ස් බැබේජ් ( Charles Babbage ) විසින් පළමු යාන්ත්‍රික පරිගණක ආකෘතිය නිර්මාණය කරා.ඔහු එය නම් කරන ලද්දේ Difference Engine ලෙසයි.ඇත්තටම මෙම යන්ත්‍රයට හැකි උනා number tables ( සංඛ්‍යා චක්‍ර ) ගණනය කිරීමට.හරියට කිව්වොත් ලඝුගණක චක්‍ර (logarithm tables) වගේ.පසුව ඔහු රජයෙන් අරමුදලක් ලබා ගන්නවා ඔහුගේ මෙම ව්‍යාපෘතිය සඳහා මන්ද මෙම සංඛ්‍යාත්මක චක්‍ර මුහුදු යාත්‍රණය සඳහා ඉතාමත් වැදගත් වන නිසා.මේ නිසා බ්‍රිතාන්‍ය රජයට හැකිඋනා ඉතාමත් උසස් ලෙස ඔවුන්ගේ වෙළඳ සහ හමුදා නැව් ක්‍රියාකරවීමට.
Difference Engine
චාල්ස් බැබේජ් විසින් 1833 දී පමණ නිර්මාණය කල ඇනලිටිකල් යන්ත්‍රය ( Analytical Engine ) සඳහා මුලිකම අඩිතාලම වුනේ සිදුරු පත් හෙවත් punch card ය.එය Steam Engine 6කින් සමන්විත විශාල යන්ත්‍රයක්.මෙම Analytical Engine එකේ main parts දෙක උනේ Store සහ Mill කියලයි චාල්ස් නම් කෙරුවේ.වර්තමානයේ පවතින පරිගණකවල ඔය parts දෙකට කියන්නේ memory unit සහ central processing unit( CPU ) ලෙසයි.නමුත් අවාසනාවකට බැබේජ්ට ඔහු සිතු ආකාරයට ඇනලිටිකල් යන්ත්‍රය නිර්මාණය කිරීමට නොහැකි වුණා.
යොදා ගත් punch card වර්ග 2 ක්
මෙම ඇනලිටිකල් යන්ත්‍රයේ විශේෂ ලක්ෂණයක් වන්නේ එහි දත්ත ආදානය (input), තැන්පත් කිරීම (Storing),
සකස් කිරීම (processing) සහ ප්‍රතිදානය(output) සඳහා අවශ්‍යය කරන උපාංග ඒ තුලම නිර්මාණය වී තිබීමයි.පසුව නිර්මාණය වුනු පරිගණක සඳහා මෙම සංකල්පය ඉවහල් වූ නිසා චාල්ස් බැබේජ් පරිගණකයේ පියා නමින් සැලකෙනවා.මෙතුමා උපත ලැබුවේ 1791 දෙසෙම්බර් 6 වෙනිදා ඔහු මියගියේ 1871 ඔක්තෝම්බර් 18 වෙනිදාය.
චාල්ස් බැබේජ්
2 වෙනි කොටසින් යලි හමුවෙමු.
No comments:
Post a Comment