iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Friday, June 1, 2012

Windows 8 සියල්ල සරළව – කොටස 2


හොදයි හැමෝටම ආයුබෝවන්. අපි අද කතාකරමු Windows 8 වෙත මාරු වීමේ වැදගත්කම, වාසි සහ මාරුවීමට අවශ්‍යය දෘඩාංග අවශ්‍යතා කෙසේද කියා,
පළමු කොටසින් අපි windows හි ඉතිහාසය සහ Windows 8 ගැන කෙටි හැඳින්වීමක් කළා. එය නොකියූ අය මෙතනින්  ගොස් කියවන්න.


Windows 8 වෙත මාරුවීමෙන් ඇති වාසි සහ වැදගත්කම 02-I


  • ස්පර්ශ සංවේදීතාව
  • නවතම මෙට්‍රෝ (Metro) මුහුණත නිසා පරිශීලකයාට භාවිතා කිරීමට ඉතා පහසුය. තවද මෙය ස්පර්ශ සංවේදී වුවද මවුස් හා යතුරු පුවරුව සාමාන්‍යය ආකාරයටම ක්‍රියාකරන බැවින් ස්පර්ශ සංවේදී උපාංගයක් නොමැතිනම් එය මිලදී ගැනීමද අවශ්‍යය නොවේ.
  • මෙට්‍රෝ (Metro) මුහුණත
  • මෙය Windows Phone 7 මුහුණතට සමාන මුහුණතකි. සාමාන්‍යය අයිකනයන්ට අමතරව සජීවී ටයිල් අයිකනයන් තිබෙන්නේ ස්පර්ශ කිරීමට පහසු විමටට. මෙම ටයිල් අයිකනයන් ක්‍රියාකරන්නේ කුඩා මෘදුකාංගයන් හැටියට ය. එනම් මම ඉහත සඳහන් කල සජීවී එනම් යාවත්කාලීන වන අයිකනයන්ය. එනම් ලැබුන ඊමේල් පණිවිඩ, කාලය, කාලගුණය වැනි දෑද නිවේදනයන්ද(Notification) මෙම තිරයේ දිස්වේ.
  • මෘදුකාංග (Apps)
  • Android Market, Apple iTunes වගේ Windows ද සිය පරිශීලකයන්ට වගකීමෙන් යුත් මෘදුකාංග ලබාගැනීමට හැකිවන පරිදි Windows Store සකසා තිබේ. මෙහි Metro මුහුණතට ගැලපෙන මෘදුකාංග විශාල ප්‍රමාණයක් ලබාගත හැකිය. නමුත් දැනට මෙය සිමා කර තිබේ. නමුත් මෙම සීමාව Windows 8 ප්‍රධාන සංස්කරණයෙන් පසුව නැති කරන බව ඔවුන් පවසයි. මෙහි බොහොමයක් මෘදුකාංග පුළුල් තිරයේ ක්‍රියාකරයි.
  • නොමිලේ ඉඩක්( Cloud Service)
  • මෙම නොමිලේ ලබාදෙන ඉඩ මඟින් අපට අපගේ Windows සෙටින්ග්ස් අන්තර්ජාලයේ ගබඩා කර තබාගත හැකිය. එනම් අපට වෙනත් Windows 8 ඇති පරිගනකයකින්ද අපෙගේ ගිණුමට ලොග් විය හැකිය. (එනම් අපගේ facebook ගිණුම වගේ සාපේක්ෂ ක්‍රියාවකි). මෙම ඉඩෙන් අපට අපගේ Gmail ගිණුමද, facebook ගිණුමේ ඇති පින්තුරද නැරබීමට හැකියාව සලසා තිබේ.
  • වෙනත් උපාංග වලද ක්‍රියාකිරීම
  • මෙම හැකියාව නිසා ඔබට ඔබගේ පරිගණකයේ පමණක් නොව, ලැප්ටොප් එකෙහිද, ටැබ්ලට් එකහිද එක ලෙස ක්‍රියාකළ හැකි බැවින් බොහෝ වැඩ පහසු වේ.
  • පෙර අවධියට මාරු වීමේ හැකියාව
  • Windows 8 මුහුණත තරමක් කරදරකරිනම් අපට අපගේ සුපුරුදු මුහුණත නොහොත් Windows 7 මුහුණතට මාරු වීමේ හැකියාව සලසා තිබේ. මෙහිදීද සියලු මෘදුකාංග නිසි ආකාරව ක්‍රියාකරන නමුත් අපට පෙර පරිදි ස්ටාර්ට් මෙනුවක් (Start Menu) දැකගත නොහැකිය.



Windows 8 වෙත මාරුවීමට අවශ්‍යය දෘඩාංග අවශ්‍යතා 02-II

Windows 8 ක්‍රියාකිරිමටනම් Desktop, Laptop පරිගණකයක අවම වශයෙන් 1 GHz Processor තිබිය යුතුය. මෙය ප්‍රධන සංස්කරණ දෙකකින් පැමිණේ. එනම් 32bit(x86) සහ 64bit (x64) වේ. මෙම සංකරන දෙකෙහි අවශ්‍යතා වෙනස්ය.


32bit (x86) 64bit (x64)
1 GHz Processor 1 GHz Processor
1 GB Ram 2 GB Ram
16 GB HDD Space 20 GB HDD Space
DirectX 9 Graphics DirectX 9 Graphics



මීට අමතරව,
ස්පර්ශ භාවිතා කිරීමටනම්: ටැබ්ලට් පරිගණකයක් හෝ ස්පර්ශ සංවේදී මොනිටරයක් අවශ්‍ය වේ.
Windows Store භාවිතා කිරීමටනම්: ඔබට අන්තර්ජාල සබදතාවයක් තිබිය යුතුය. තවද තිරයේ ප්‍රමාණය අවම වශයෙන් 1024x768 px වත් විය යුතුය.

ඉතින් මීළඟ ලිපි වලින් මම මේවා පිළිබඳව එකින් එක සවිස්තරව කියලා දෙනවා. නැවත හමුවෙමු. ස්තුතියි.


මේ ලිපිය ගෙන අවේ etuts.tk වෙතිනි.( සචින්ත විජේතුංග)

No comments:

Post a Comment

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.