iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Tuesday, May 29, 2012

Windows 8 සියල්ල සරලව - 1




හැමදේම අලුත් වෙන මේ ලෝකේ Microsoft ආයතනයත් සිය නවතම සංස්කරණය වන Windows 8 ඉදිරිපත් කිරීමට කටයුතු සුදානම් කරගෙන යනවා කියා අපට ආරංචි වෙනවා. බොහෝ අය මෙය Windows 7 සංස්කරණයට සමාන එකක් කියා සිතන්නට ඇති, නමුත් මෙහි Developer සහ Consumer සංස්කරණ අත්හදා බලපු අයටනම් මෙහි වෙනස්කම් තේරෙන්නට ඇති. ඒ කොහොම නමුත් Windows 8 සතු සියලුම ගුණාංග පිලිබදව අපි සරළව දැනගනිමු. මෙහි නිර්මාණකරුවන් නම් කියන්නේ Windows 8 පිලිබදව කිසිම අත්දැකීමක් නැතිව, කිසිම උද්යෝගයක් නැතුව Windows 8 වෙත පැමිණෙන අයෙක් වේනම් ඔහු තිගැස්සිම නොඅනුමානයි කියාය. ඉතින් එයට හේතු අපි දැන් සාකච්චා කරමු.


Windows 8 හැදින්වීම 01-I
ඉතින් නවතම මුහුණුවරකින්, වෙනස්ම වූ ආකාරයකට ක්‍රියාකරන මෙම Windows 8 නිර්මාණකරුවන් සතු මුලික අරමුණ වී ඇත්තේ මෙතෙක් පැවති එක මෙහෙයුම් පද්දතියක් එකම උපාංගයකට සිමවිම අවසන් කොට සියලුම උපාංග වලට එකම මෙහෙයුම් පද්දතියක් යන සංකල්පය ක්‍රියාවට නැංවීමය. Windows 8 වන සිය නවතම සංස්කරණය Tablet පරිගණක, කුඩා ක්ශ්‍රුද්‍ර පරිගණක, සහ වැඩහල් පරිගණක වලත් ඉතා හොදින් ක්‍රියාකරවීමට හැකිය. එහි සතු මුහුණත සෑම දෙනාගේම සිත් ඇද බැද ගැනීමට හේතුව වන්නේ ද, එය ස්පර්ශ සංවේදී තිරයක් වගේම, Mouse හා Keyboard වලටද නිසි ආකාරව ක්‍රියාකරන නිසාය. නමුත් Windows 8 සංස්කරණය ප්‍රසිද්ද වීමට බලපාන ප්‍රධානම හේතුවක් නම් මෙය ධාවනය වීමට සාමාන්‍යය පරිගණකයක් ද සෑහිමය. තවද වෙනත් මෙහෙයුම් පද්දති වලට සාපේක්ෂව විදුලි පරිබෝජනය ඉතා හොද මට්ටමක පැවතීම නිසා Laptop භාවිතා කරන්නන්ට ඉතා ප්‍රයෝජනවත් වෙනවා.

Windows හි ඉතිහාසය 01-II

අපි Windows ඉතිහාසය පිළිබද මදක් විමසා බලමු,



Windows 3.1

Windows මෙහෙයුම් පද්දතිය මෙලොව එලිය දකින්නේ, එනම් පළමු සංස්කරණය පැමිණෙන්නේ 1990 මැයි මාසයේදීය, ඒ Windows 3.1 මෙහෙයුම් පද්දතියයි. ප්‍රථම වරට රූපමය පෙනුමකින් පැමිණි මෙහි, ශබ්දය සහ රූපමය දත්ත ලබාදීමට සබැදුම් පැමිණියේය. තවද CD Drive සහ Floppy Disk Drive වලට සහය දැක්විය. මෙහි ඉතා හොද තත්වයේ තිරයක් ලබාදීමට නොහැකි වුයේය. එනම් මෙය උපරිම සහය දැක්වුයේ 256k වර්ණ තිරයකටය.



Windows 95

මෙම අවදියේදී ඉතා සාර්ථකව ඉදිරිපත් වුනු මෙහෙයුම් පද්දතියකි. ප්‍රථම වරට ඇරෙන වැහෙන (FlyOpen-FlyOut) ආරම්භක බොත්තම (Start Button) ඇතුළත් වුයේ මෙම සංස්කරණයත් සමගය. මෙහි My Documents, My Photos වැනි දත්ත කළමනාකර ගතහැකි වන පරිදි වෙන වෙනම ෆෝල්ඩර පැමිණියේය. තවද Fat32 ආකාරයේ 2GB ධාරිතාවයක් සහිත Drives සැදීමට හැකියාව තිබු අතර 32bit සහිත x386 පවුලේ පරිගණකයකි.



Windows 98

මෙය බොහෝදෙනාගේ ආදරය දිනාගත් සංස්කරණයකි. විශේෂාංගයක් වශයෙන් එකවර මෘදුකාංග කීපයක් හැසිරවීමේ හැකියාව තිබිණි. මෙහි USB උපාංග ක්‍රියාකරවීමට ද හැකිවූ අතර DVD තැටි ධාවනය කිරීමට ද හැකිවිය.



Windows ME

මෙය නිවෙස් පරිබෝජනයට සෑදු සංස්කරණයකි. විශාල ප්‍රමාණයේ දත්ත ගබඩා කල හැකි වන පරිදි NTFS ආකාරයෙන් Drives යොදාගැනීමට හැකිවිය. ප්‍රථම වරට වීඩියෝ සංස්කරණය සඳහා Windows Movie Maker පැමිණියේ මෙයත් සමගයි.



Windows XP

නවතම මුහුණුවරකින් හා වෙනස්ම වූ තාක්ෂණයකින් පැමිණි නිසා මිනිසුන් අතර වඩාත්ම ප්‍රචලිත විය. එකල වෙලදපොලේ 76.1% ක් වූ පාරිබෝගිකයන් පිරිසක් ඇද ගැනීමට එයට හැකිවිය. තමන්ට අවශ්‍ය පරිදි මුහුණත වෙනස් කිරීමට ද හැකිවිය. යාවත්කාලීන කිරීමටද ඉතා පහසු විය.



Windows Vista

2006 වසරේදී නිකුත් වූ සිය නවතම සංස්කරණය වන Windows Vista මෙහෙයුම් පද්ධතිය ආ පයින්ම යන්නට සිදුවිය. ඉතා විශාල ලෙස දෘඩාංග අවශ්‍යතා ඉල්ලීමද, තිබූ දෝෂ වැඩිවීමද නිසා මෙය ඉතා අසාර්ථක විය.



Windows 7 (Seven)

පෙර සංස්කරණයේ පසුබැමත් සමඟ සිය පාරිබෝගික ජනතාව නැවත දිනාගැනීමට ඔවුනට සිදුවිය. ඒ සඳහා ඉතා විශාල වෙහෙසක් කරමින් Windows 7 සංස්කරණය විශිෂ්ට ලෙස වෙළෙදපොළට පැමිණියේය. ඉතා අඩු දෘඩාංග අවශ්‍යතා යටතේ වඩාත් දියුණු ලෙස, සිත් ඇදගන්න මුහුණුවරකින් එය නිකුත් වුයේ සිය ජනාදරය නැවතත් දිනාගනිමිනි.

අපි මීළග කොටසින් Windows 8 වෙත මාරුවීමට බලපාන හේතු සහ Windows 8 සඳහා පරිගණකය සතුව තිබිය යුතු දෘඩාංග අවශ්‍යතා පිලිබඳ සාකච්චා කරමු.


මෙම ලිපිය ඔබ වෙත ගෙන ආවේ etuts.tk වෙතිනි.(සචින්ත විජේතුංග)

1 comment:

  1. ප්‍රිය සහෘදයිනි,
    අපේ ළමයින්ගේ http://www.vidyalionsit.blogspot.com/ එකත් බලන්න.. ඔබගේ අදහස් හා විවේචන අගය කොට සලකමි!
    ඔබගේ මෙහෙවර අගයමි!!
    ඔබට ජය!!!
    indika@kegaluvidyalaya.lk

    ReplyDelete

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.