iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Sunday, May 27, 2012

Ubuntu 11.10 Oneiric Ocelot ගැන දන්න සිංහලෙන්


මම අද කියන්න යන්නේ අපි හැමෝම දන්නා Ubuntu ලාවේ අලුත්ම Ubuntu 11.10 Oneiric Ocelotගැන.ඔන්න තියනවා බලන්නකෝ...
අලුත්ම Ubuntu සංස්කරණය Ubuntu 11.10 ඔක්තෝම්බර් මාසයේ 13 වෙනිදා නිකුත් කරා.
ඔයාලා දන්නවද මේ Ubuntu OS එක හදලා තියෙන්නේ Linux 3.0 කර්නලය පදනම් කරගෙන.ඉතින් හැම එකකම අලුත් සංස්කරණයකදී කලින් ඒවාට වැඩ හොදට හදනවනේ.මේකත් එහෙමම තමයි.අපේ මේ( අපේ කිව්වට අපේ නෙමෙයි :D) අලුත් Ubuntu ඒ කිව්වේ Ubuntu 11.10 එකටත් විශේෂතා ගොඩක් තියනවා.එකින් එක කියල බලමුකෝ එහෙනම්,



       Ubuntu 11.10 download  කරගන්න 

     Ubuntu 11.10 (Oneiric Ocelot) 


Ubuntu ගැන කඩ්ඩෙන් කියවලා දැනගන්න


අපේ එවුන් Ubuntu වලට කැමති නැත්තේ softwares නෑ කියලනේ.එත් Ubuntu software center එකට ඔලුව දාගත්තොත් දහස් ගණන් apps හොයාගන්න පුළුවන්.rate කරලා තියන හින්දා හොද එකක් හොයාගෙන පාඩුවේ download කොරන එකයි තියෙන්නේ.ගිහිල්ලම බලන්න Ubuntu software center එකට.


මොන මෙහෙයුම් පද්දති ආවත් අපිට නැතුවම බැරි දේ තමයි ආරක්ෂාව.මමනම් බාවිතා කරන්නේ Windows 7.මම ඉතින් Windows update පාරත් දාන ගමන්ම Bit defender එකයි Kaspersky  එකයි දාගෙන ඉන්නේ කෝකටත් කියලා.මේ අලුත් Ubuntu එකෙත් හොදට වැඩි දියුණු කරපු Firewall එකක් තියනවා.ඕකෙන් virus එනවට ආරක්ෂාව දෙනවා වගේම එළකිරි වගේ internet surf පාරක් දාගන්නත් පුළුවන් බය නැතුවම. අලුත් එකනම් නරක නෑ වගේ නේද?.Hack වෙන එකත් මේකෙන් ශේප්නේ.මටනම් හිතෙන විදිහට මේකේ ආරක්ෂාව හොදයි.මොකද වැඩිපුරම වෙන්නේ අපි බලෙන් hack වෙන එක මිසක් අපිව hack කරන එක නොවෙන හින්දා.


තවත් අපි හොයන දෙයක් තමයි මෙහෙයුම් පද්දතියේ වේගවත් (fastzz... :p) බව.දැනට තියන මෙහෙයුම් පද්දති වලට වඩා වේගවත් කියලා තමයි මෙයාලනම් කියන්නේ.කියනවා වගේම වේගවත් තමයි.පට ගාලා වැඩක් කරගන්න ඕනෙනම් ඔන්න තියනවා Ubuntu කිසි දේකට සැලෙන්න ඕනේ නෑ.ඉතින් මේ Ubuntu මෙහෙයුම් පද්දතිය අපි ලගට එන්නේ බාෂා 25 එක්ක.ඔයාලා දන්නවද ඇමරිකාවේ කැනෝනිකල් සමාගම ගැන,ඒ කිව්වේ Ubuntu හදන කස්ටිය තමා.පොරවල් කියන විදිහට ලගදීම mobile ubuntu මෙහෙයුම් පද්දතියකුත් හදනවලු.එල නේද? එතකොට android සහ ios බදාගෙන ඉන්න අයියලා කාටත් නොකියා ඒකට මාරුවක් දායිද දන් නෑ. 


අහ්හ්..තව ටිකෙන් අමතක වෙනවා.මේ උබුන්ටු මෙහෙයුම් පද්දතියේ තියනවා එළකිරි වගේ feature ටිකක්.ලෝන්චර් ( Launcher ) සහ ඩෑෂ් ( Dash ) ඒවගෙන් නියම බාන්ඩ දෙකක්.අපි නිතර බාවිත කරන අප්ප්ස් එතකොට තව ටූල්ස් අනං මනං තව වගේ දේවල් එකට දාගෙන පහසුවෙන් බාවිතා කරන්න පුළුවන්.ඕකට ඉතින් අපේ Browsers තව Facebook app එකක් එහෙම දාගත්තම වැඩ ලෙසිනේ.අහ්හ්..අර මම කියපු ඩෑෂ් එක තියෙන්න ලෝන්චර් එකේ උඩටම වෙන්න.ඕකෙන් අපිට Files, Applications, Shortcuts  තවත් දේවල් පහසුවෙන් හොයාගන්න පුළුවන්.තව අලුත් දෙයක් තමයි මේ ARM subarchitectures සහ Revised DVD content.


ඔන්න පහලින් තියනවා තවත් ලස්සන වටිනා තියන විශේෂාංග ටිකක්


1. Breathtaking login manager (a.k.a login screen or display manager)



2. Lots of Unity launcher, Unity Dash, සහ නවීකරණය වූ  Unity panel,  smart application finder , unread counters for Mozilla Firefox, Mozilla Thunderbird, Empathy සහ Pidgin, සහ Dash  තුල ඇති smart search .




03-  පිස්සු හැදෙන backup up tool,මේකට  කියන්නේ Deja Dup කියලාඒකෙන් backup  කරනවා, තව  ඔක්කොම  files  restore කරනවා (  hidden කිරීම ඇතුළුවඔයාගේ  home folder එකේ.

4. Mozilla Thunderbird 7.0 එක තමා default email client  එක. (replacing Evolution Mail and Calendar, which has been completely removed from the system).


5. Mozilla Firefox 7.0 එක තමා default web browser එක.එල නේද.පොඩි දුකකට තියෙන්නේ මගේ  පන Google Chrome නිසයි.


6. Brand-new ALT+Tab functionality,  multiple desktops බාවිතයෙන්  පහසුවෙන් වැඩකිරීම  සදහා.


7.නවීකරණය වූ office suite - LibreOffice 3.4 සුපිරි වගේ...


8.  Unity panel එක මගින් setup  කරනවා ඔයාගේ  monitor එක සහ , bluetooth devices, startup applications, printers, USB devices,  සහ system updates වගේ දේවලුත් සකසා ගන්න පුළුවන්.


9. පහසු සහ ලස්සන file manager - Nautilus 3


10. Breathtaking Ubuntu Software Center!





ඉතින් ඔය වගේ අනං මනං වැඩ කෝටියයි.ඔයාලත් හොට දාලා බලන්න.එහෙනම් ඔන්න කිව්වා මෙන්න ගියා.පුලුවන්නම් Facebook Fan Page එකට Like පාරක් දාලා මටත් පොඩි sup එකක් දෙන්නහැමෝටම ජය වේවා!!! කිව්වා.

2 comments:

  1. macho ubuntu wala aluth version eka 12.04

    ReplyDelete
  2. meka mama liwwa parana post ekak bn... cmmnt ekata thnx machn

    ReplyDelete

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.