iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Thursday, October 18, 2012

[යාන්ත්‍රික | විද්‍යුත් යාන්ත්‍රික] තැටිගතකිරීම 1 කොටස



      ආයුබෝවන්! තැටිගතකිරීම කියන මාතෘකාව තමයි මම අද තෝරාගත්තේ.මේක හඳුන්වා දෙන්න අවශ්‍ය වෙන එකක් නෑ කියලා මම හිතනවා.ශ්‍රව්‍ය,විදෘශ්‍ය හෝ විද්‍යුත් සංඥා ගබඩා කරගන්න ආකාර කිහිපයක් තියනවා, 

  1.  පටිගත කිරීම
  2.  තැටිගත කිරීම
  3.  මතක පරිපථ (electronic memory) භාවිතය
අපේ අද මාතෘකාවට අනුව මේ තැටිගතකිරීමත් කොටස් පහකට වෙන් වෙනවා.

  • යාන්ත්‍රික          (Mechanical)
  • විද්‍යුත් යාන්ත්‍රික  (Electro-Mechanical)
  • ප්‍රකාශ             (Optical)
  • චුම්භක            (Magnetic)
  • චුම්භක-ප්‍රකාශ    (Magneto-Optical)   
මේ ක්‍රම 5න් අද අපි කතාකරන්නේ උඩින්ම තියන යාන්ත්‍රික සහ විද්‍යුත් යාන්ත්‍රික යන ක්‍රම 2ක පමණයි.ඉදිරි ලිපි වලදී ඉතුරු කොටස් 3 ගැන ලියන්න බලාපොරොත්තු වෙනවා.එහෙනම් වැඩේ පටන්ගමු,

යාන්ත්‍රික (Mechanical) තැටිගතකිරිම

මීට ටික කාලෙකට ඉස්සර ඒ කිව්වේ 1877 දී තෝමස් එඩිසන් විසින් සිලින්ඩරාකාර පෘෂ්ටයක කැපුම් (grooves) ලෙස ශ්‍රව්‍ය සංඥා සටහන් කොට, ඊට ස්පර්ශ වන ලෙස කටුවක් (needle) තබා සිලින්ඩරය භ්‍රමණය වීමට සැලැස්වීමෙන් මුල්ම ප්‍රයෝගික තැටි ධාවන යන්ත්‍රය නිර්මාණය කරා.මේකට "phonograph" කියලයි කිව්වේ.
                                       තෝමස් එඩිසන් සහ ඔහුගේ phonograph (දෙවැනි මාදිළිය) ය.

වර්ෂ 1887 දී පමණ වන විට සිලින්ඩරය වෙනුවට පැතලි තැටි (flat disks) යොදා ගැනීමත් සමගම මෙම තැටි ධාවන යන්ත්‍ර ගොඩාක් ජනප්‍රිය වුනා.මේවට කියන්නේ ග්‍රැමෆෝන් (Gramophone)කියලා.සමහර අය ලගනම් තාමත් ඇති.දැන්නම් ගොඩාක් අය ලස්සනට මේක ගෙවල්වල තියන් ඉන්නවනේ.



ක්‍රියාකාරිත්වය

ග්‍රැමෆෝන් තැටියේ, ඒකාකාර ගැඹුරකින් සහ ශබ්ද තරංගයට අනුරුප හැඩයකින් යුත් දෙපසක් ඇති සර්පිලාකාර කැපුමක් (groove) පරිධියේ සිට කේන්ද්‍රය ආසන්නය තෙක් තියෙනවා,එම කැපුම ඔස්සේ ලෝහ කටුව (needle) චලනය වීමෙන් ඇති වන යාන්ත්‍රික කම්පනය කෙතුකාකාර කුටීරයක් (cone-shaped horn) මගින් වර්ධනය කොට ශ්‍රවණය වීමට සලස්වා තෙයෙනවා.
  
මෙම තැටිය මිනිත්තුවට වට 78 (78rpm) වේගයෙන් භ්‍රමණය වෙනවා,ඒ අතරම වයින් කිරීමෙන් දුන්නක ශක්තිය ගබඩා කිරීම මගින් මෙම භ්‍රමණය සිදු කෙරෙනවා.


විද්‍යුත්-යාන්ත්‍රික (Electro Mechanical) තැටිගතකීරීම

  ග්‍රැමෆෝනයේ දුර්වලතා ගොඩත් තිබ්බා.ඇත්තටම ප්‍රයෝගිකව ගත්තතම මිනිත්තුවට වට 78 ක නියත වේගය වයින් කරනලද දුන්නකින් සාර්ථකව සිදු කරන්න බෑ, ඒ වගේම ශබ්දය ලබා ගැනීම සඳහා විශාල කෙතුකාකාර කුටීරයක් යොදා ගැනීමට සිදුවීම යනාදී ගැටළු ගොඩාක් තිබ්බා.
  
     වර්ෂ 1920 පමණ වන විට මෙම ගැටළු වලට විසඳුම් සෙවීම ආරම්භ කරා.ඊට ටික කාලෙකට පසු එනම් වර්ෂ 1948 පමණ වන විට විද්‍යුත් සහ විද්‍යුත්-චුම්භක ක්‍රම භාවිත කරමින් ප්‍රායෝගික තැටි ධාවන යන්ත්‍ර (Record Players)නිපදවෙන්න පටන් ගත්තා.ශබ්ද ප්‍රභවයකින් ලබාගන්නා ශබ්ද තරංග වලට අනුරුප විද්‍යුත් තරංග මගින්, චුම්භක ක්ෂේත්‍රයක් තුල වූ කැපුම් ආවුදයක් කම්පනය කොට තැටියේ විද්‍යුත් තරංගයේ හැඩයට අනුරුප කැපුමක් ඇති කරනු ලබනවා.එම කැපුම ග්‍රැමෆෝන් තැටිවල,මෙන්ම පරිධියේ සිට කේන්ද්‍රය වෙතට සර්පිලාකාරව සකස් වෙනවා.  

     තැටිය පිළිවැයිමේ දී, Stylus ලෙසින් හැඳින්වෙන විශේෂ කටුවක් භ්‍රමණය වන තැටියේ ඇති කැපුම තුළ පෙළීම නිසා, ග්‍රැමෆෝනයේ මෙන්ම ශබ්ද තරංගයේ හැඩයට අනුව එම කටුව කම්පනය වෙනවා.එම කටුවේ (Stylus) කොටසක කම්බි දඟරයක් ඇති අතර, එම කොටස චුම්භක ක්ෂේත්‍රයක් තුළ පවතිනවා.එමනිසා දඟරය ද කටුව සමග චුම්භක ක්ෂේත්‍රය තුළ කම්පනය වෙනවා.එමගින් දඟරය තුළ විචල්‍ය විද්‍යත් ධාරාවක් හටගන්නවා.එම විචල්‍ය විද්‍යුත් ධාරාව මුල් ශබ්ද තරංගයේ ආකාරයම ගන්නවා.අපි මේ සම්පුර්ණ කොටස Cartridge කියලා හදුන්වනවා.




    මෙම විද්‍යුත් සංඥාව වර්ධකයක් මගින් වර්ධනය කොට ස්පීකර් පද්ධතියක් මගින් ශ්‍රවණය කරන්න පුළුවන්.වර්ධකය නොමැති තැටි ධාවන යන්ත්‍ර Turntable ලෙස හඳුන්වනවා.වර්ධකයක් සමඟ තැටි ධාවන යන්ත්‍ර RecordPlayer ලෙස හඳුන්වනවා.

මෙම යන්ත්‍රවල භාවිතා කරන තැටි Vinyl කියන ප්ලාස්ටික් විශේෂයකින් තමයි හදන්නේ.



Cartridge වර්ග 3ක් තියෙනවා,
සළ දඟර (MC) වර්ගයේ නිත්‍ය චුම්භක ක්ෂේත්‍රයක් තුල කටුව සමග දඟරය කම්පනය වන අතර, සළ චුම්භක (MM) වර්ගයේ දඟරයක් තුල කටුව සමග චුම්භකය කම්පනය වෙනවා..මෙම වර්ග දෙක උසස් තත්වයේ ශබ්ද ප්‍රතිනිර්මාණය කරනු ලබනවා නමුත් මිල අධිකයි.ස්ඵටික (crystal) වර්ගයේ කටුව සමග කම්පනය වන්නේ ස්ඵටිකයක්.ස්ඵටිකයේ ඇතිවන කම්පනය මගින් විචල්‍ය විද්‍යුත් ධාරාවක් නිපදවෙනවා,මෙම වර්ගය කලින් දෙක වගේ මිල අධික වෙන්නේ නෑ. මෙම තැටි ධාවන යන්ත්‍ර සම්මත වේග තුනකින් භ්‍රමණය වෙනවා, මුලින් පැවති ග්‍රැමෆෝන් තැටි සමග ගැලපිය යුතු බැවින් (compatible), මිනිත්තුවට වට 78 (78 rpm) එලෙසම එක් වේගයක් ලෙස යොදා තියෙනවා.මිනිත්තුවට වට 33 (33 rpm) වශයෙන් තවත් වේගයක් වේ.එම වේගයෙන් භ්‍රමණය වන තැටි Long Play (LP) ලෙස හැඳින්වෙන අතර ,එහි විෂ්කම්බය 12" කි. Singles ලෙස හැඳින්වෙන අනිත් තැටි වර්ගය මිනිත්තුවට වට 45 (45 rpm) වේගයෙන් භ්‍රමණය වන අතර, එහි විෂ්කම්බය 7" ක් වෙනවා.
  
මෙම තැටි ධාවන යන්ත්‍රවල තැටිය භ්‍රමණය වීම සඳහා ක්‍රම 3 ක් භාවිත වෙනවා.

  1. Belt Drive
  2. Roller Drive
  3. Direct Drive (DD)
      Belt Drive වර්ගයේ දී විදුලි මෝටරය හා තැටි රැඳවුම රබර් පටියක් මගින් සම්බන්ධ වන අතර, Roller Drive වර්ගයේදී මෝටරයට හා තැටි රැඳවුමට රබර් රෝලරයක් ස්පර්ශ වීමට සැලැස්වීමෙන් භ්‍රමණය සිදු කෙරෙනවා.Direct Drive (DD) වර්ගයේදී ඉලෙක්ට්‍රොනික පරිපථ මගින් පාලනය වන, ඉතා ස්ථාවර වේගයෙන් භ්‍රමණය වන මෝටරයක අක්ෂය සෘජුවම තැටි රැඳවුමේ අක්ෂය ලෙස භාවිතා වෙනවා.එමනිසා හොඳම යාන්ත්‍රණය වන්නේ මෙම වර්ගය තමයි.
   
    Monaural (ඒකකර්ණික) සහ stereophonic (ත්‍රිමාණද්වානිත) තැටිවල කැපුම් එකිනෙකට වෙනස් වෙනවා.mono තැටිවල, සංඥාවේ සංඛ්‍යාතය ද විස්තාරය ද කැපුම් පැතිවල සටහන් වෙනවා.එනම් එහි ඇත්තේ එක් නාලිකාවක් (channel) පමණි. Stereo තැටිවල එක් කැපුමක දෙකක් තියෙනවා.එහි පැති මගින් සිදුවන චලනයෙන් එක් නාලිකාවක් ද, ගැඹුර මගින් සිදුවන චලනයෙන් අනිත් නාලිකවද නිරුපණය වෙනවා.මෙහි කැපුම් ආනතියකින් ඇති නිසා Mono Stylus එකක් මගින් ද, නාලිකා දෙකෙහිම ඇති සංඥා ග්‍රහණය කොට ගත හැක.stereophonic (ත්‍රිමාණද්වානිත) තැටි වෙළඳ පොලට නිකුත් වුයේ 60 දශකයේ පමණය.ඒනිසා එතෙක් භාවිතා වූ Monaural (ඒකකර්ණික) තැටි සමග ගැළපීම (compatibility) වැදගත් වුනා.

     Vinyl ප්ලාස්ටික් වර්ගයෙන් තනා ඇති තැටි ධාවනය කරමින්, කටුවක් (stylus) සහිත කාට්‍රිජයක් මගින් තැටියේ ඇති කැපුම් ඇසුරින් ශබ්ද ප්‍රතිනිර්මාණය කරනු ලබන, Turntable ලෙසින් හැඳින්වෙන මෙම තැටි ධාවන යන්ත්‍ර වලින් ගීත අහන කට්ටිය ඕනෑතරම් තවමත් අපි අතර ඉන්නවා.පරණ බඩු කඩවල හෙන ගණන් වලට තියෙන්නේ තාමත් ගන්න මිනිස්සු ඉන්න හින්දනේ.

ඊළඟ ලිපියෙන් Optical Records,(Laser, CD, CD R , CD RW) ගැන කතා කරනවා...  

No comments:

Post a Comment

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.