iPad 3 ගැන ඔක්කොම දේවල්...
ආයුබෝවන්! ගොඩක් අය බලන් හිටපු iPad එක දැන් එලියට ඇවිත්නේ තියෙන්නේ.Apple සමාගම අලුතෙන් නිකුත් කරේ iPad 3 එකනේ.ඉතින් ඔය iPad 3 එක ගැන අලුත් විස්තර ටිකක් කිව්වොත් හොඳයි කියලා හිතුනා ▶ ඉතිරිය කියවන්න
පරිගණක භාෂාවල පරිණාමය
ආයුබෝවන්! මම මේක ගැන අධ්‍යනය කරේ ජාතික අධ්‍යාපන ආයතනයේ ලිපියක්‌ කියවලා.නැත්තන් මම මේ කියන දේවල් බොරු කියලා හිතෙයිනේ.හොඳයි එහෙනම් වැඩේ පටන්ගමු. ▶... ඉතිරිය කියවන්න
අපි ජිවත්වන මහ පොළව උපන් හැටි....
අපි ජිවත් වෙන ලෝකය ඒ කිව්වේ මේ මහ පොළව නිර්මාණය වුනේ කොහොමද කියලා විද්‍යාඥයන් වසර සිය ගාණක් එක එක පර්යේෂණ සිදුකිරීමෙන් පසු මහ පොළව උපන් ආකාරය ලොවට කියා දුන්නා. ▶..ඉතිරිය කියවන්න

Sunday, April 28, 2013

අකුණු ගැසීම (විද්‍යාත්මක පැත්ත )

ආයුබෝවන්!
වලාකුලක ඇති ආරෝපණ ක්ෂණික විසර්ජනය වීමක් අකුණක් සේ හදුන්වනවා..මෙහිදී ක්ෂණිකව අතිවිශාල ශක්තියක් නිදහස් වන නිසා අධික තාපයක් සහ ශබ්දයක් ඇතිවේ.ලොකු එලියකුයි,සද්දෙකුයි එනවා අහලා ඇතිනේ.අකුණු ඇතිවෙන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනවා,

  • එකම වලාකුලක ඇති විජාතීය (එකිනෙකාට වෙනස්) ආරෝපණ අතර ක්ෂණික විදුයුත් විසර්ජනයක්
  • එක් වලාකුලක ඇති විද්‍යුත් ධන අරෝපනයත් වෙනත් වලාකුලක ඇති විද්‍යුත් සෘණ අරෝපනයත් අතර විද්‍යුත් විසර්ජනයක්
  • වලාකුලක් සහ පෘතුවිය අතර සිදුවන ක්ෂණික විද්‍යුත් විසර්ජනයක්
   පෘතුවිය හා වලාකුලක් අතර සිදුවන විසර්ජන ක්‍රියාවලිය

වැසි රහිත කාලගුණ තත්වයකදී පෘතුවි පෘෂ්ඨය විද්‍යුත් සෘණ ලෙස ආරෝපිත වෙනවා.එහෙත් වැසි සහිත දිනකදී කැටි වලාකුලක පහල පෘෂ්ටයේ ඇති සෘණ ආරෝපණය හේතු කොට ගෙන පෘතුවි පෘෂ්ටයේ ප්‍රේරිත ධන අරෝපනයක් හටගන්නවා.මෙම ආරෝපණය පෘතුවි පෘෂ්ටය මත වූ තියුණු තුඩු සහිත කොටස් වලින් පරිසරයට කාන්දු වෙනවා.එමගින් පෘතුවි පෘෂ්ටය මතුපිට ධන ආරෝපිත අංශු ස්ථරයක් සැදේ.දැන් කට්ටියට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මොකද්ද මේ තියුණු තුඩු සහිත කොටස් වලින් කාන්දු වෙනවා කියන්නේ කියලා.ඒක බොහොම සරල දෙයක්.අපි තුඩක් අසල ක්‍රියාව පැහැදිලි කරගමු,
 සන්නායකයක් ස්ථිතික තත්ත්ව යටතේ සමවිභව පෘෂ්ටයක් වුවද එහි ආරෝපණ ව්‍යාප්තිය එක සමාන   
වෙන්නේ නෑ.තුඩු අසල ආරෝපණ සාන්ද්‍රණය අනෙක් ස්ථාන වල සාන්ද්‍රණය වඩා වැඩියි.
තුඩු අසල ආරෝපණ සාන්ද්‍රණය වස්තුවේ අනිත් ප්‍රදේශ වලට වඩා වැඩි බැවින් එවැනි තුඩක් ආසන්නයේ ප්‍රබල ක්ෂේත්‍රයක් හදාගන්නවා.එකී ක්ෂේත්‍රයේ ප්‍රබල තාවය හේතුකොටගෙන තුඩු අසල වාතයේ ඇති වායු අණු, දුවිලි අංශු ආදිය අයනීකරණය වෙනවා.නැතහොත් ධ්‍රැවනය වෙනවා.එතකොට තුඩෙහි ඇති ආරෝපණයට විජාතීය වර්ගයේ ආරෝපණ අධික ත්වරණයක් සහිතව තුඩු වෙත ළඟාවීමටත් සජාතීය ආරෝපණ එලෙසම තුඩෙන් ඉවත්වීමට පෙළඹෙනවා.ඕක තමයි මේ තුඩක් අසල ක්‍රියාවලිය.

සුළගේ බලපෑම හේතුවෙන් මෙම ධන ආරෝපිත ස්තරය ධන ලෙස ආරෝපිත පොකුරු බවට පත්වෙනවා.එම පොකුරු සුළගේ බලපෑමත් වලාකුලෙහි ඇති ආකර්ෂණයත් හේතුකොටගෙන ඉහලට ගමන් කරනවා.එවැනි ධන ආරෝපිත පොකුරක් වලාකුලට සමීප වූ විට වාතයේ පරිවරණ ගුණය බිඳ වැටිලා ක්ෂණිකවම වළාකුලේ ඇති සෘණ ආරෝපණය ධන ආරෝපිත පොකුර වෙත මුදාහරිනවා.එමගින් එකී පොකුර උදාසීන වෙලා ඉතිරි සෘණ ආරෝපණය යාබද පොකුරට ක්ෂණිකවම නිදහස් කෙරෙනවා.මේ විදිහට පොකුරෙන් පොකුරට පැමිණෙන වළාකුලේ සෘණ ආරෝපණය පොකුරු අතරේ උදාසීන වුනේ නැතිනම් එය පෘතුවි පෘෂ්ටය දක්වාම එන්න පුළුවන්.එතකොට පෘතුවි පෘෂ්ටය සහ වළාකුල අතර සන්නායක පථයක්(ගමන් මාර්ගයක්) නිර්මාණය වෙනවා.මේ විදිහට පොකුරෙන් පොකුරට වලකුලේ ආරෝපණය ගමන් කිරීම නියමු පහරක් කියලා හඳුන්වනවා.එවැනි නියමු පහරක් පොලවට සම්බන්ද වෙලා වලාකුළ හා පෘෂ්ටය අතර සන්නායක පථයක් ඇති වුනාම පෘතුවි පෘෂ්ටයේ ඉදන් ක්ෂණිකවම ධන ආරෝපණ ධාරාවක් වලාකුළ වෙත ගමන් කරනවා.අපි එකට පසු ගමන් පහරක් කියලා කියනවා.මේක නියමු පහරකට වඩා ගොඩක් ප්‍රබලයි.ඒ වගේම එමගින් අධික තාපයක් සහ ශබ්දයක් ජනනය වෙනවා. පල්ලෙහා රුපයෙන් ඔය උඩ කිව්ව කතාව තේරුම් ගන්න පුළුවන් වෙයි.(මගේ චිත්‍ර ඇඳීමේ හැකියාව ගොඩක් දුර්වලයි,එකට සමාව ඉල්ලනවා)
අකුණු සන්නායක 



උස ගොඩනැගිලි අකුණු වලින් ආරක්ෂා කරගැනීම සඳහා අකුණු සන්නායක භාවිතා කරනවා.උස ගොඩනැගිලි වල මුදුනේ සවිකරන ලද තියුණු තුඩු සහිත සන්නායක  දණ්ඩක් ඝන තඹ පටි මගින් පෘතුවි පෘෂ්ඨයට සැලකිය යුතු දුරක් ගැඹුරින් භූගත කිරීමෙන් අකුණු සන්නායක නිර්මාණය කරලා තියෙනවා.බොහොම වැදගත් කාරණයක් වෙන්නේ මේ ගොඩක් අය පොඩි ගැඹුරක් තමයි මේ තඹ පටිය භූගත කරන්නේ,ඇත්තටම ඒක වැරදියි මොකද එකෙන් වෙන්නේ අකුණක් ගැහුවම එක පොලව පෘෂ්ඨයේ ගමන් කරන නිසා ඒ ආසන්නයේ ඇති දේවල් වලට හානි සිද්ද වෙනවා.ඒක නිසා භූගත කරනකොට සැලකිය යුතු ගැඹුරකින් භූගත කිරීම අනිවාර්යෙන් කලයුතු දෙයක්.
ඇයි මේ තඹ පටි යොදාගන්නේ? ඇත්තටම ඕක සාර්ථකම වෙන්නේ රිදී යොදාගත්තොත්, එත් රිදී වලින් අකුණු සන්නායක ගැහුවොත් එකේ ආරක්ෂාවට වෙනම ගාර්ඩ් කෙනෙක් දාන්න වෙනවනේ.ඒක ප්‍රයෝගික නැති නිසයි අපි මේකට තඹ යොදාගන්නේ.ඔකේ මුලධර්මය ගැන කිව්වොත් තඹ වල ප්‍රතිරෝධකතාවය අඩුයි.(රිදී වල තමයි අඩුම,ඊට පස්සේ අඩුම ඉන්නේ තඹ)ප්‍රතිරෝධකතාවය අඩුවෙන්න අඩුවෙන්න ප්‍රතිරෝධයත් අඩුවෙනවා..ඇත්තටම අපි ඝන තඹ පටියි යොදාගන්නේ මොකද පටිය ලොකු වෙන්න ලොකු වෙන්න එහි ප්‍රතිරෝධය අඩුයි.ප්‍රතිරෝධය අඩු උනාම වෙන්නේ අකුණක් ගැහුවම ඉක්මනින් පොලවට අකුණ ගමන් කරන එක.ප්‍රතිරෝදය වැඩි උනොත් වෙන්නේ අකුණ පිට පනින එක.එකෙන් ලොකු විනාශයක් වෙන්න පුළුවන්.ඒ නිසයි තඹ යොදාගන්නේ. 

සෘණ ආරෝපිත වලාකුලක් අකුණු සන්නායකයට සමීප වුනාම එහි තුඩු වල ධන අරෝපනයක් ප්‍රේරණය වෙනවා.පොඩි කාලේ ඉගෙන ගෙන ඇතිනේ විද්‍යුත් ප්‍රේරණය ගැන.එකී ප්‍රේරිත ආරෝපණය පරිසරයට විසර්ජනය වීමෙන් අකුණු සන්නායකය අසල ප්‍රබල ධන ආරෝපිත ක්ෂේත්‍රයක් ඇති වෙනවා.එහි ප්‍රතිපලයක් විදිහට වළාකුල අකුණු සන්නයකයට ආකර්ෂණය වෙනවා.ඊට පස්සේ එය සන්නායකය තුලින් පෘතුවී පෘෂ්ඨයට ගැඹුරින් භූගත වෙනවා.මෙහිදී සන්නායකය තුලින් අධික ධාරාවක් ගැලුවත් එය ඝන තඹ පටිවලින් සාදා ඇති නිසා ප්‍රතිරෝධය අඩුවෙනවා.එනිසා සන්නයකයේ අධික තාප විසර්ජනයක් සිදු වෙන්නේ නෑ.එමගින් අකුනෙන් ගොඩනැගිල්ලට වෙන හානිය වැලකී යනවා.

අපි තවත් ලිපියකින් නැවතත් හමුවෙමු.සුභ දවසක්!



1 comment:

▐ Followers

Creative Commons License

Subscribe Share This Google +1 This Tweet This


Simple template. Powered by Blogger.